පාර්ලිමේන්තු වාර්තාකරණයේ යෙදුනු එරට ප්‍රධාන පෙළේ ඉංග්‍රීසි මාධ්‍ය පුවත්පතක සේවය කරමින් සිටි මාධ්‍යවේදියෙකුට ද කොරෝනා වෛරසය ආසාධිත බවට තහවුරු වී තිබේ. ඔහු පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ මැතිඇමැතිවරුන් කීප දෙනෙකු හමුවී ඇතැයි වාර්තා වේ.මේ තත්ත්වය පිළිබඳ දැන ගැනීමත් සමඟ පාර්ලිමේන්තු වාර්තාකරණයේ යෙදුණු මාධ්‍යවේදීන් සියලු දෙනා පිටත් කර යැවීමට කටයුතු කළ අතර ඉදිරි දින කිහිපයේ පාර්ලිමේන්තු සැසි වාර්තාකරණය සඳහා මාධ්‍යවේදීන් සහභාගී කර නොගැනීමට තීරණය වී ඇත.
මේ වන විට අදාළ මාධ්‍ය ආයතනයේ ඔහු සේවය කළ මහළ වසා දමා විෂබීජහරණයට ලක් කිරීමට පියවර ගෙන ැති අතර ඔහුගේ ආශ්‍රිතයන් පරීක්ෂණවලට යොමු කිරීමට සහ නිරෝධායනයට කටයුතු කර ඇත.