සුදුසුකම් සහිත නිලධාරීන් සිටිද්දී ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ධුරය සහ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ධූරය යුද හමුදා ඉතිහාසයේ පළමු වරට පුරප්පාඩු වී ඇතැයි යුද හමුදා ආරංචි මාර්ග හෙළි දරව් කරයි.
ඔක්තෝබර් මස 13 දින මේජර් ජෙනරාල් සංජය වනසිංහ සිය ධූරයෙන් විශ්‍රාම යෑමෙන් අනතුරුව යුද හමුදාපතිවරයා විසින් මේජර් ජනරාල් ප්‍රියන්ත ජයවර්ධන මාණ්ඩලකි ප්‍රධානී ධූරයේ තාවකාලිකව වැඩ බැලීම සඳහා පත් කර ඇති නමුත් මෙම තනතුර ස්ථිර එකක් බැවින් ඊට නිලධාරියෙක් පත් කළ යුතුව ඇතැයි එම ආරංචි මාර්ග කියයි.

කෙසේ වෙතත් මේජර් ජනරාල් ප්‍රියන්ත ජයවර්ධන මෙම තනතුරේ ස්ථිර කිරීමට අදාල ලේඛන යුද හමුදාපතිවරයා විසින් ආරක්ෂක අමාත්‍යාංශය වෙත යවා ඇතත් ආරක්ෂක ලේකම්වරයා හරහා ආරක්ෂක අමාත්‍ය ධූරය දරන ජනාධිපතිවරයා වෙත ලැබී නැති බව දැනගන්නට ඇත.
මේජර් ජනරාල් ප්‍රියන්ත ජයවර්ධන නැගෙනහිර සේනාංකාධිපතිවරයා ලෙස සිටියදී ඉන් ඉවත් කර යුද හමුදා මූලස්ථානයට ගෙන්වා තිබිණි.
මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන ශ්‍රී ලංකා යුද හමුදාවේ කිසිදු විනය විරෝධී කටයුත්තක් සඳහා එක් වරක් හෝ චෝදනා නොලද නිලධාරියෙක් බව ශ්‍රී ලංකා යුද හමුදාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
ඊලාම් යුද්ධයේ දී ඔහු 58 වැනි සේනාංකයේ යුද කරමින් අඩම්පන් අල්ලා ගැනීමෙන් පසුව දෙවැනි කාර්ය සාධක බලකාට අනුයුක්ත කරන ලදී. දෙවැනි කාර්ය සාධක බලකායට අණ දුන්නේ බ්‍රිගේඩියර් රෝහණ බණ්ඩාරය.
ඉන් පසුව අඩම්පන් සිට වෙල්ලිමුල්ලි වයිකාල් දක්වා කළ බිහිසුණු සංග්‍රාමයේ දි 8 වැනි සිංහරජිමේන්තුවට අණ දෙමින් යුද ජයග්‍රහණයට මූලික වූ සෙන්පතියෙක් ලෙස ප්‍රියන්ත ජයවර්ධන හමුදාව තුළ ගෞරවයට පාත්‍ර වී තිබිණි.







