අධිකරණයට ගරු කරන නමුත් ලියාපදිංචි අංකයක් රහිතව අතුරු පාලක කමිටුව අත්හිටුවා ලැබෙන දැන්වීම හේතුවෙන් පතුලක් නොපෙනන තරමට හොරකම් කළ අන්ත දූෂිතයන් රැසකට යළිත් ශ්රී ලංකා ක්රිකට් පාලක මණ්ඩලයේ බලය ලැබුණු බවත් මේ තත්ත්වය සම්පූර්ණයෙන් විස්තර කරමින් හෙට උදේ පාර්ලිමේන්තුවේ විශේෂ ප්රකාශයක් සිදුකරන බවත් ක්රීඩා ඇමති රොෂාන් රණසිංහ අද (07) පාර්ලිමේන්තුවේ දි පැවසුවේය.
මේ අවස්ථාවේ දී අදහස් දැක්වූ විපක්ෂයේ ප්රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල දීරඝ කරුණු දැක්වීමක් කරමින් පෙන්වා දුන්නේ අධිකරණයේ මූලික මූලධර්මයක් වන්නේ අධිකරණයේ පිහිට පතන පුද්ගලයා අධිකරණයට යා යුත්තේ දෑත් පිරිසිදුව තබාගෙන නමුත් අධිකරණය මේ වාරණ නියෝගය ලබා දී ඇත්තේ අන්ත දූෂිත හොරෙකුට බවය.
පාර්ලිමේන්තුව තුළ හෝ පිට අධිකරණ තීන්දුවක් ප්රශ්න කිරීමේ අයිතියක් පුරවැසියන්ට පවතින බව පන්වා දුන් ලක්ෂ්මන් කිරිඇල්ල අධිකරණය විසින් හොබවනු ලබන්නේ ජනතාව විසින් පාල්මේන්තුවට ලබා දී පාර්ලිමේන්තුවෙන් අධිකරණය වෙත පැවරුණ බලය බවය.
අධිකරණය දූෂිතයන්ට සහන ලබා දෙනවා නම් ඒ තීන්දු සම්බන්ධව ජනතාව නියෝජනය කරමින් ප්රශ්න කිරීමේ බලය පාර්ලිමේන්තුවට ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.
“අපි මේ පාර්ලිමේන්තුවෙ දවස් දෙකක් සාධනීය විවාදයක් කරලා නම් ගම් පිටින්ම දූෂිතයන් හෙළි කරලා තියනවා. ඊට පදනම් වන්නේ විගණකාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ විගණන වාර්තාවක්. මේ පාර්ලිමේන්තුව විසින් දූෂිතයන් හෙළි කරලා තියන වෙලාවක ඒ දූෂිතයම අධිකරණයට ගිහින් වාරණ නියෝගයක් ගන්නවා. මොකක් ද මේක. “
“අධීකරණය ලබා දුන් මේ තීන්දුව වැරදියි. මේක වැරදි තීන්දුවක්. තින්දුව වැරදියි කියලා එලියෙත් කියන්න පුලුවන්. ඇතුළෙත් කියන්න පුලුවන්. පිටරටවල නඩු තින්දු සාකච්ඡා කරනවා ටීවී එකේ. “
“අපි කණගාටු වෙනවා මේ තහනම් නියෝගය සම්බන්ධව. මේ නියෝගයත් සමග මුළු ක්රිකට් සංස්කෘතියම ඉතාම අවසනාවන්ත තත්ත්වයකට පත් වුනා.”
අන්තර් ජාතික ක්රිකට් කව්න්සිලය එල්ල කරන ප්රධානම චෝදනාවක් තමයි අපිට ක්රිකට්වලට දේශපාලනය ඇඟිලි ගහනවා කියන එක.. අද මොකද මේ වෙන්නේ. මමත් හිටපු ක්රීඩා ඇමති කෙනෙක්. අතුරු කමිටුවක් පත් කරන්න සම්පූර්ණ බලය තියෙන්නෙ ක්රීඩා ඇමතිවරයාට.
මමත් පත් කලා අතුරු කමිටුවක්. ආණ්ඩුව මොකද කලේ ආණ්ඩුව සබ් කැබිනට් අනු කමිටුවක් දැවම්මා ක්රීඩා ඇමතිවරයාට උඩින් ක්රිකට් අතුරු කමිටුව ගැන හොයන්න
මේ කැබිනට් අනු කමිටුව දැම්මේ ක්රීඩා ඇමති අමාරුවෙ දාන්න.”







