දිනසේන රතුගමගේ
යාපනය ඉනුවිල් ප්රදේශයේ විවාහ මංගල්ලයක දෑවැදි දීමට රැගෙන විත් නිවසේ තබා තිබූ රත්තරන් පවුම් 135 ක් ඊයේ (06) දා රාත්රියේ සොරා ගෙන ගොස් තිබේ.
නිවෙස් හිමියා ආරෝපණය කිරීමට දමා තිබූ සිය ජංගම දුරකතනය ගැනීමට ගිය අවස්ථාවේදී නිවසේ දොරක් විවෘත කොට තිබීම නිසා ඒ ගැන සැකයක් පහළ වී විපරම් කළ විට නිවසට හොරු පැන ඇති අයුරු දැක ගන්නට ලැබී තිබේ.
නිවස පරීක්ෂා කිරීමේදී රන් පවුම් 135 ක් ජංගම දුරකතන 4 ක් ඇතුලු තවත් භාණ්ඩ පැහැර ගෙන ගොස් ඇති බව දැක තිබේ.
මේ සම්බන්ධයෙන් කෝපයී පොලීසියට පැමිණිලි කොට ඇති අතර පොලීසිය මංකොල්ලකරුවන් අත් අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කොට තිබේ.







