විශිෂ්ඨ ශ්‍රී ලාංකේය චිත්‍රපට අධ්යක්ෂ ප්‍රසන්න විතානගේ ගේ “පැරඩයිස් ” චිත්‍රපටය 2023 බුසාන් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ හොඳම චිත්‍රපටය සඳහා වන කිම් ජිසොක් සම්මානය දිනා ගනිමින් ඉතිහාසගත වී ඇත.
Newton Cinema විසින් නිෂ්පාදනය කරන මනි රත්නම් සහ Madras Talkies විසින් ඉදිරිපත් කරන ලද මෙම චිත්‍රපටයේ ලෝක මංගල දර්ශනය බූසාන්හිදී පැවැත්විණි.
එහි රොෂාන් මැතිව්, දර්ශන රාජේන්ද්‍රන්, ශ්‍යාම් ප්‍රනාන්දු, සහ මහේන්ද්‍ර පෙරේරා ඇතුළු නළු නිළි පිරිසක් රංගනයෙන් දායක වූහ.
පැරඩයිස් චිත්‍රපටය යුවළකගේ නිවාඩුවක් නිමිති කරගෙන ගොඩනැගුන කතාවකි. එහි දී එම යුවල සමාජීය, පුද්ගල සහ ගැටුම් සමග ජීවිතයේ අභ්‍යන්තර ජීවිත අරගලය සිනමාකරුවා විසින් ප්‍රශස්ථ ලෙස ගවේෂණය කරයි