ඊයේ (19) පෙරවරුවේ සිය පියා සමග පාසල් යමින් සිටි සිසුවියක් IDH මංසන්ධියේ ප්‍රධාන මාර්ගය මැද ජල නලයක් පුපුරා යෑම නිසා ඇතිවී තිබූ ගැඹුරු දිය වළකට ඇදවැටීමේ සිද්ධිය සම්බන්ධ වගකීම භාර ගැනීමට ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයත්, එම ජලනල පද්ධතිය ඇතිරූ කොන්ත්රාත්කාර සමාගමත් ප්‍රතික්ෂේප කර තිබේ.
මහා මාර්ගය මැද තිබූ අඩි 16ක් පමණ ගැඹුර මෙම අනාරක්ෂිත දිය වල සහිත තැන පසුගිය දා ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් ව්‍යාපෘතියක් කළ තැනක් වුව ද ඔවුන් පවසන්නේ, මෙම ව්‍යාපෘතිය සිදුකරන ලද්දේ පෞද්ගලික සමාගමක් විසින් බැවින් ඊට තම ආයතනය සම්බන්ධ නොමැති බවය.
ව්‍යාපෘතිය සිදුකළ පෞද්ගලික කොන්ත්‍රාත්කරු අද දෙරණ නාලිකාව වෙත පවසා තිබෙන්නේ සිය නඩත්තු කටයුතු මීට මාසයකට පෙර අවසන් කළ බවය. වර්ෂාව සහ ජල නලයේ පීඩනය නිසා මාර්ගය සැකසීමට යොදාගත් අමුද්‍රව්‍ය දියවී වළ තවත් ගැඹුරු වී ඇති බවත් ඔහු සඳහන් කර තිබිණි.
කෙසේ වෙත්ත ගැඹුරු වල සෑදී තිබුණේ අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට පෝට් සිටි ප්‍රදේශයට ජලය සපයන විශාල ජල නලයක් පුපුරා යෑම නිසා බව පැහැදිලි වී තිබියදීත් මෙම ආයතන දෙකම වගකීම අත්හැරීම පිළිබඳව ගැටලුවක් ඇති වී තිබේ.
ඊයේ පියා සහ දියණිය එම මාරක අනතුරට ලක් වීමට පෙර ලොරි රථයක් ද එම ස්ථානයේ අනතුරට පත් වී තිබිණි. එය ගොඩගෙන තිබුණේ පොලිස් නිලධාරින්ගේ මැදිහත්වීම මතය. දැරිය සහ පියා ගමන් ගත් බයිසිකලය දියවල යට ගිලී ගොස් තිබිණි.
මාරක අනතුරට මුහුණ දුන් පියා සහ දියණිය බේරාගන්නේ අපට සිටි පුද්ගලයින්ය. – දෙරණ