ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ සම්බන්ධව පැවති පාර්ලිමේන්තු විවාදයෙන් පසු ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ ක්‍රීඩා අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමට රජය සූදානම්වන බව අද(19) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ වුනේය.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මේ සම්බන්ධව ප්‍රකාශක් කරමින් ක්‍රිකට් පාලක මණ්ඩලයට එරෙහිව විපක්ෂය එල්ල කළ සියලු චෝදනා පිළිගෙන ස්තුතිය පල කර ඒ සම්බන්ධව ක්‍රියාත්මකවීමට පොරොන්දු වීමෙන් අනතුරුව ඇමතිවරයාට අමාත්‍ය ධූරය අහිමි කිරීමට රජය සූදානම් වන බවය.
ආණ්ඩුපක්ෂයේ අමාත්‍යවරුන් වෙත අත දිගු කරමින් ලක්ෂ්මන් කිරිඇල්ල විමසුවේ ඔබලාත් ඇමතිවරු බව සිහි කරගන්නා ලෙසත්, ක්‍රීඩා ඇමතිවරයාට එරෙහිව නඩු දැමීමට සඳහා ක්‍රීඩා සමාජ පහකට මිලියන 35ක් ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ලබා දී ඇති බවත්ය.
මන්ත්‍රීවරයා මෙසේ ද පැවසුවේය.
“ක්‍රිකට් පාලක මණ්ඩලය ගැන ඔඩිට් වාර්තාවක් නිකුත් කරලා තියනවා. ෆයිනල් රිපෝට් එක. කතා නායක තුමනි, ඔබ තුමා දන්නවා අපි විවාදයක් පැවැත්වුවා පසුගිය සතියේ. එදා අපි ඉදිරිපත් කරපු චෝදනා අවසන් වාර්තාවෙන් අපි කතා කරපුවා අනුමත කරලා තියනවා.”
“එදා රෝෂාන් රණසිංහ ඇමති තුමා විපක්ෂයෙන් ගෙනා චෝදනා සියල්ල පිළිගත්තා. එතුමා අපට ස්තුති කළා. “
“අද මොකක්ද වෙලා තියන තත්ත්වය. අද ආණ්ඩුවෙන් එතුමාට අමාත්‍ය ධූරයෙන් අයින් වෙන්න කියනවා ක්‍රිකට් පාලක මණ්ඩලයට විරුද්ධව කරපු චෝදනා පිළිගත්ත නිසා. මේක ඇත්ත කතාවක්. බලන්න ඉස්සරහට වෙන දේ. “
“ක්‍රිකට් පාලක මණ්ඩලයේ අක්රමිකතාවලට එරෙහිව ක්‍රියාත්මක වන්නේ නැතිව ඇමතිවරයාට අස් වෙන්න කියනවා. “
“මේ ඔඩිට් රිපෝට් එකේ තියනවා ක්‍රිකට් ආයතනය ක්‍රීඩා සමාජ පහකට මිලියන 36ක් දීලා තියනවා ඇමතිවරයාට නඩු දාන්න කියලා. ඔබ තුමාලාත් ඇමතිවරු. එන්.සී.සී ක්‍රිකට් ආයතනයට මිලියන 12ක් දීලා මිලියන 4.5ක් නඩුවට දීලා ඉතිරි 7.5 ඒ ගොල්ල සාක්කුවට දාගෙන තියනවා.”
“මේ එකක් පමණයි. මගේ තියන අවසන් ඉල්ලීම මේකයි. මේක කෝප් කමිටුව ඉදිරියට ගේන්න. රටේ නීතිය ක්‍රියාත්මක කරන්න.”