දිනසේන රතුගමගේ –
උණ රෝගයට ප්‍රතිකාර ලබා ගැනීමට යාපනය ශීක්ෂණ රෝහලට ගිය අවුරුදු 8 ක දැරියගේ කපා දමන ලද අත වැඩිදුර පරීක්ෂණ සදහා පොලීසිය මගින් රජයේ රස පරීක්ෂකවරයා වෙත යවන ලෙස යාපනය මහෙස්ත්‍රාත්වරයා ඊයේ (14) නියෝග කොට තිබේ.
යාපනය රෝහලේ වෛද්‍යවරු ප්‍රකාශ කොට ඇත්තේ එම දැරියගේ අත අහිමි වූයේ කැණියුලාවේ දෝෂයක් මත යැයි ප්‍රකාශ කොට ඇති බැවින් එම ප්‍රකාශයන් තහවුරු කරගැනීම සඳහා මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දී තිබේ.
මේ සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලීමට පත්කොට සිටින කමිටු නිලධාරීන්ගේ හා පොලිස් වාර්තාවල ප්‍රගතිය පිළිබදව මහේස්ත්‍රාත්වරයා පොලීසියෙන් කරුණු විමසූ අවස්ථාවේදී පොලීසිය ප්‍රකාශ කළේ එම වාර්තා මෙතෙක් ලැබී නොමැති බවයි.
මේ හේතුව මත අදාල නඩුව මේ මස 25 වෙනිදාට කල් තැබූ මහේත්‍රාත්වරයා එදිනට මෙම සිද්ධියේ සියළු වාර්තා අධිකරණය හමුවට ඉදිරිපත් කරණ ලෙස පොලීසියට නියෝග කළේය.
මෙම දැරියගේ අත අහිමිවීමෙන් පසුව යාපනය ශීක්ෂණ රෝහලෙන් එම පවුලේ උදවියට සාධාරණයක් ඉටු නොවීම නිසා දැරියගේ දෙමව්පියන් හා ඥතීන් එක්ව මෙම නඩුව යාපනය පොලීසියේ සහය මත යාපනය අධිකරණයේ ගොනු කොට තිබේ.
දැරිය ඇතුළත් කළ වාට්ටුවේ හෙදියගේ නොසැලකිල්ල මත මේ සිද්ධිය සිදුව ඇති බව මුල්ම වරට අනාවරණය වූයේද එම හෙදියගේ විදෙස් ගමන් තහනම් කිරීමද සිදු වූයේ එම නඩුවේ තීන්දු වල වල ප්‍රතිපලයක් වශයෙනි.
මේ අතර සෞඛ්‍ය අමාත්‍යංශයේ උපදෙස් මත මෙම සිද්ධිය පිළිබදව කරුණු සොයා බලා වාර්තාවක් පිළියෙළ කිරීමට පත් කරණ ලද විශේෂඥ වෛද්‍යවරුන් පස් දෙනෙකුගෙන් සමන්විත කමිටුව මේ වන විට යාපනයට පමිණ විවිධ පාර්ශයන් හමු වී තොරතුරු ලබා ගන්නා අතර එම පරීක්ෂණ කටයුතුද මෙතෙක් අවසන් වී නොමැත.







