චැනල් ෆෝ වාර්තා චිත්‍රපටය හරහා හෙළිවුන ට්‍රිපෝලි ෆ්ලැටූන් නම් නීති විරෝධී මිනීමරු හමුදාව සම්බන්ධව වත්මන් ජනාධිපතිවරයා දැන සිටි බවත් ඔහු මේ සම්බන්ධව එක් අවස්ථාවක දී පාර්ලිමේන්තුවේ දීත් ප්‍රශ්න කළ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් අද පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.
ඔහු ප්‍රකාශ කළේ චැනල් ෆෝ වැඩසටහන ඔස්සේ යළිත් මතුකර තිබුණේ කවුරුත් දැන සිටි කාරණා බවය. ඒ සම්බන්ධව මුලින්ම පාර්ලිමේන්තුවේ දී හෙළි කළේ “සොනික්” “සොනික්” සහ අබු සින්ද් ගැන මහා ඝෝෂාවක් නැගා දැන් ආණ්ඩුවට වී කාදිනල් හිමියන්ට බැණ වදිමින් සිටිනා මනුෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
කෙහෙලිය රඹුක්වැල්ල සෞඛ්‍ය ඇමතිවරයාට එරෙහි විශ්වාසභංග විවාදයේ දී කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා ද අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මෙසේ ද ප්‍රකාශ කළේය.
“ මේ හෙළිදරව්වත් එක්ක ඔබතුමා යම් විදිහකට සම්බන්ධයි. ඔබ තුමා තමයි රාජපක්ෂ ආණ්ඩුකාලේ වැඩිම කාලයක් රජයේ නිල මාධ්‍ය ප්‍රකාශක ලෙස හිටියෙ.”
“එකක් තමයි ත්රිපොලි කණ්ඩායම. රාජ්‍ය අනුබල ඇතිව හදාගත්ත කණ්ඩායම ගැන කතා කරලා තියනවා. එ් ඝාතනවලට සම්බන්ධ වුන පාර්ලිමේන්තු රාජ්‍ය අමාත්‍යවරයෙක් යටතේ මෙම සන්නද්ධ කණ්ඩායම ක්‍රියාත්මක වෙලා තියනවා. එම සන්නද්ධ කණ්ඩායමේ ඉඳලා එතුමා ඒ කණ්ඩායම ම ක්‍රියාත්මක කරලා තියනවා කියන චෝදනාවකුත් තියනවා. “
“දැන් මේ ට්‍රිපෝලි කණ්ඩායම සම්බන්ධව කිය යුතුයි. වර්තමාන ජනාධිපතිතුමා ලසන්ත වික්රමතුංගගේ මරණයෙන් පස්සේ මේ පාර්ලිමේන්තුවෙත් ප්‍රශ්නයක් ඇහුවා
මෙවැනි කණ්ඩායමක් ක්‍රියාත්මක වෙනවද කියලා. ඒ පිළිබඳව වර්තමාන ජනාධිපතිවරයාත් පාර්ලිමේන්තුවෙදි ප්‍රශ්න කළා. එතුමත් මේක දන්නා කාරණයක්.
එහෙම දෙයක් තිබිය දී මේකට අපේ බුද්ධි අංශය පිළිබඳව බුද්ධි අංශය මෙහෙයවීමෙන් මෙවැනි සිද්ධියක් සිදුවුනා නම් ඒක ප්‍රශ්නයක්.
සහරාන්ගේ කණ්ඩායමට සම්බන්ධතාවය ඇති කරලා දීලා තමන්ට සම්බන්ධයක් නෑ කියලා ඊට සම්බන්ධ මන්ත්‍රිවරුන්ට මේ සභාවේ වරප්‍රසාද පාවිච්චි කරගෙන කියන්න පුලුවන්.
මේ වනවිට හිටපු ජනාධිපතිතුමෙකුත් ප්‍රකාශයක් කරලා තියනවා. ප්රශ්නය ඒ තරම් දුරට ගිහින් තියනවා.
මේක නිසා ජාත්‍යාන්තර වශයෙන් ප්‍රශ්නයක් ඇති වෙලා තියනවා. අපි කොහොමද මේකට ප්‍රතිචාර දක්වන්නේ.
“අපේ අති උතුම් කාදිනල් හිමිපාණන්ටත් දැන් දොස් කියන්න පටන් අරන් තියනවා. මම ඉතාම කණගාටුයි. එහෙම දොස් කියන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයාට ඡන්දය දෙන්න එපා කිව්වා කියලා”
“මනුෂය සහ හරීන් දෙන්නම දැන් ආණ්ඩුවේ . මේ දෙන්න තමයි සොනික් සොනික් කතාව පාර්ලිමේන්තුවට ගෙනාවේ. ඒ දෙන්නා අබු හින්ද් කියන කතාවක් කිව්වා. දැන් මේ කතාව ගැන රහසිගත වාර්තා එළියට එමින් පවතිනවා.
මේ රාජන් හූල් පොතක් ලියලා කිව්වා පාස්කු ප්‍රහාරයට රජයේ බුද්ධි අංශය සම්බන්ධ බව. ඒක එළියට ඇවිත් තයනවා. මේ සැඟවුන හස්ථය ගැන නිතර නිතර කාදිනල් තුමා ප්‍රශ්න කරන්නේ ඒ නිසා.
මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් අවශ්‍ය බවත් එය පාර්ලිමේන්තු තේරීම් කමිටුවකට ලඝු වන විහිලුවක් නොවිය යුතු බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.