බත්තරමුල්ල, අකුරේගොඩ යුද හමුදා කඳාවුර පිටුපස රොබට් ගුණවර්ධන මාවතේ දී අද (25) උදෑසන සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.
තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කරන අතර යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර ප්රදේශයෙන් පළාගොස් ඇත.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා තලංගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.