අද (08) උදෑසන කඳාන දැවතොටුපල පාරේ පිහිටි රසායනික ද්‍රව්‍ය නිශ්පාදනය කරනු ලබන කම්හලක ඇති වූ ගින්නකට හසුවී එම කම්හලේ ගණකාධිකාරීවරයා පිළිස්සී මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.
ගින්න හටගත් වහාම ක්‍රියාත්මක වූ පොලිසි විසින් ගම්පහ සහ මීගමුව ගිනි නිවන ඒකකත්, නාවික හමුදා ගිනි නිවීමේ එ්කකයත් සම්බන්ධීකරණය කරගෙන ගින්න මැඩ පවත්වා තිබුණි.
නමුත් ගින්න හටගන්නා අවස්ථාවේ දී ආයතනයේ ගබඩාව තුළ සිටි ගණකාධිකාරීවරයා ගලවා ගැනීමට ගිනි නිවන කණ්ඩායම් අපොහොසත් වී ඇත.
මියගොස් ඇති ගණකාධිකාරීවරයා වයස අවුරුදු 50ක් පමණවන ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.
කඳාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.