බම්බලපිටියේ මුහුදු මාවතේ ඉන්ධනහලක් අසල අද (07) සවස සිදුවූ වෙඩි තැබීමක් පිළිබඳ බම්බලපිටිය පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.
අතුරු මාර්ගයකින් පැමිණි වෑන් රථයක සිටි නාඳුනන පිරිසක් විසින් මුහුදු මාවතේ තිබූ මෝටර් රථයක් ඉලක්ක කරගෙන මෙම වෙඩි තැබීම සිදුකර ඇත.
වෙඩිපහරට ඉලක්ක වූ රථය මෙන්ම වෙඩික්කරුවන් පැමිණි වෑන් රථය ද පලා ගොස් තිබේ.
ඉලක්ක මෝටර් රථයට වෙඩි පහර කීපයක් වැදී ඇත. සිද්ධිය වූ ස්ථානයේ හිස් පතරොම් කොපු කීපයක් සොයාගෙන තිබේ.
බම්බලපිටිය වැඩිදුර විමර්ශන පවත්වයි.