දිනසේන රතුගමගේ
වවුනියාවේ ආගමන හා විගමන කාර්යාල පරිශ්‍රය තුළදී පොලිස් නිලධාරීන් පිරිසක් බලා සිටියදී විදේශීය රටක සිට පැමිණි දෙමළ තරුණයෙකුට මැරයින් පිරිසක් 5 දා පහර දී තිබේ.
පහරකෑමට ලක් වූ පුද්ගලයා උතුරේ පදිංචි දෙමළ තරුණයෙකු වන අතර ඔහු විශාල කාලයක් යුරෝපයේ සේවය කොට නිවාඩුවකට පැමිණි අයෙකි.
ඔහු දෙමළ ඩයස් පෝරා සාමාජිකයකු බව කියමින් මැරයින් පිරිසක් ඔහුට ඉතා අමානුෂීය ලෙස පහර දී ඇතත් මේ සම්බන්ධයෙන් මේ දක්වා නීතිය ක්‍රියාත්මක නොවුණු බව පහර කෑමට ලක් වූ තරුණයා දෙමළ මාධ්‍යට ප්‍රකාශ කොට ඇත.
තමන්ට පහර දෙන අවස්ථාවේදී එම ස්ථනායේ නිල ඇදුමින් සැරසුණු පොලිස් නිලධාරීන් හතර දෙනෙකුට වඩා සිටි අතර සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන්ද සිටි බව තරුණයා ප්‍රකාශ කරයි.
තමන්ගේ පැමිණිල්ලට කිසිදු ප්‍රතිචාරයක් නැත්තේ තමන් දෙමළ ඩයස්පෝරා සාමාජිකයකු බවට රජයේ පිරිස් විසින්ම සාපරාධී ලෙස හංවඩු ගසා මැරයින් ලවා තමන්ට පහර දුන් නිසා යැයි තමන් විශ්වාස කරන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කොට ඇත.
පොලිස් නිලධාරීන් බලා සිටියදී එම තරුණයාට පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක්ද මේ දිනවල දෙමළ සමාජ මාධ්‍ය අතර ව්‍යාප්ත වෙමින් පවතී.







