තමන්ගේ තෙවැනි ධූර කාලයේදී, ඉන්දියාව, ලෝකයේ හොඳම ආර්ථිකයන් හිමි ප්‍රධානතම රටවල් තුන අතරට ගෙන එන බවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පැවසීය. ඔහු මේ බව පැවසුවේ දිල්ලියේ ප්‍රතිනිර්මාණය කරන ලද ‘ප්‍රගති මයිදාන්’ විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.
“නැගෙනහිර සිට බටහිරටල උතුරට දකුණටල ඉන්දියාවේ යටිතල පහසුකම් වෙනස් වෙමින් පවතී.. ලෝකයේ උසම දුම්රිය පාලම ඉන්දියාවේය, ඉහළම උසකින් ඇති දිගම උමං මාර්ගය ඉන්දියාවේය. ඉහළම අමතක නොවන මාර්ගය, විශාලතම ක්‍රීඩාංගනය, විශාලතම පිළිමය – ඒ සියල්ල ඉන්දියාවේය..”
ඔහු සඳහන් කරයි.
සිය පළමු ධූර කාලයේදී ඉන්දියාව, ලෝකයේ හොඳම ආර්ථිකයන් ඇති රටවල් අතර දහවැනි ස්ථානයට පැමිණි බවත්, දෙවැනි වතාවේදී, ලේකයේ පස් වෙනි තැනට විශලාතම ආර්ථිකයක් හිමි රට බවට පත් වූ බවත් අග්‍රමාතා්‍යවරයා පැවසීය. සිය තෙවැනි ධූර කාලයේදී හොඳම රටවල් තුන අතරට රට ගෙන එන බවට තමන් ඇප වන බව ද ඔහු සඳහන් කළේය.
“ගෙවුණු වසර 60ක කාලයේදී කිලෝමීටර් 20000ක දුම්රිය මාර්ග පමණක් විද්යුකරණයට සමත්ව තිබූ අතර ගෙවුණු වසර නමයක කාලයේදී එය කිලෝමීටර් 40000ක් දක්වා වැඩි කිරීමට තමන් සමත් වූ බව ද, දිල්ලි ගුවන්තොටුපළේ ධාරිතාව කෝටි 7.5ක් දක්වා වැඩි කළ බව ද, ගුවන්තොටුපළ සංඛ්‍යාව 150 දක්වා ඉහළ ගිය බව ද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
2024 මැයි මාසයේදී ඉන්දියාව ජාතික මැතිවරණයකට මුහුණ දීමට නියමිතය.







