ඉඳුනිල් කහටපිටිය –
තමන් සමග සේවය කරන හිත මිතුරු පොලිස් කොස්තාපල්වරයෙකුගේ ඒ.ටී.එම්. කාර්ඩ් පතක් සොරකම් කරගෙන එහි තිබූ රුපියල් එක් ලක්ෂ පන් දහසක මුදලක් සොරා ගත් මහනුවර ශ්‍රී දළදා මාලිගා පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙක් මහනුවර පොලිිසය විසින් ඊයේ (26) අත්අඩංගුවට ගෙන ඇත.
අස්ගිරිය පොලිස් භට නිවාසයේ එකම කාමරයක සිට එකට රාජකාරි කරන මිතුරන් දෙදෙනෙක්වන මෙම කොස්තාපල්වරුන් දෙදෙනාගෙන් මුදල් සොරකම් කළ කොස්තාපල්ට මින් පෙර මුදල් අවශ්‍යතා ඇති වූ අවස්ථාවලදී ඒටීඑම් කාර්ඩ්පත හිමි කොස්තාපල්වරයා සිය රහස්‍ය අංකය සමගම ඒ.ටී.එම් කාර්ඩ්පත ලබා දී ඇතැයි විමර්ශනවල දී හෙළි වී තිබේ.
කාර්ඩ්පතේ රහස්‍ය අංකය දන්නා කොස්තාපල්වරයා සිය මිතුරා නොමැති අවස්ථාවක කාර්ඩ්පත් සොරකම් කරගෙන ගොස් මුදල් ලබා ගන්නා ආකාරය සීසීටීවී දර්ශවනවලින් තහවුරු කරගත් පසු පොලිිසිය ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.
සොරාගත් මුදලින් රුපියල් 75000ක් ද සැකකරු සතුව තිබී ඇත. මහනුවර මූලස්ථාන පොලිසිය පරීක්ෂණ පවත්වයි.







