අනුරාධපුර – පර්සි කුරුනේරු-
අමානුෂික නවකවදය නිසා නවක සිසුන් පාඨමාලා අත්හැර දමා යන මට්ටමකට පැවති අනුරාධපුර තාක්ෂණ විශ්වවිද්‍යාල විද්‍යාතනයේ නවක වධය මේ වනවිට සම්පූර්ණයෙන්ම පාලනය කොට ඇති බව එහි වැඩබලන අධ්යක්ෂ මහාචාර්ය තුසිත අමරසේකර අද (23) පැවසීය.
මේ අතර විශ්වවිද්‍යාල විද්‍යාතනයෙන් පිටත පෞද්ගලික නේවාසිකාගාර ආශ්‍රිතව සිදුවිය හැකි නවක වධය පාලනය කිරීමට තම ආයතනයට හැකියාවක් නොමැති වුවත් එය පාලනය කිරීමට අනුරාධපුර පොලීසියේ සහ පොලිස් බුද්ධි අංශ වල සහාය ලබා ගැනීමට තමන් පොලීසිය සමග සාකච්ජා පවත්වා ඇතැයිද ඔහු සදහන් කළේය.
ඒ අනුව තාක්ෂණ විශ්වවිද්‍යාල විද්‍යාතනයේ අධ්‍යාපනය ලබන නවක සිසුන් නවාතැන් ගෙන සිටින අනුරාධපුර අභය මාවතේ පිහිටි පෞද්ගලික නේවාසිකාගාර හදුනා ගෙන ඒවායේ නවාතැන් ගෙන සිටින නවක සිසුන්ට ජ්‍යේෂ්ඨ සිසුන් විසින් නවක වධය ලබා දීමට ඉන් බැහැරට රැගෙන යන්නේද පිළිබඳව විමර්ශනය කිරීමට පොලිස් ජංගම මුර සංචාර සේවාවක් ක්‍රියාත්මක කිරීමට එම සාකච්ජාවේදී තීරණයකට එළඹි බවත් මහාචාර්ය තුසිත අමරසේකර පැවැසීය.
මේ අතර නවක වධය ලබා දීමේ චෝදනාව මත දැනට දෙමසක පන්ති තහනමකට ලක්ව සිටින සිසුවියන් තිදෙනාගේ සහ සිසුවෙකුගේ පන්ති තහනම ලිහිල් කර දෙන ලෙසට ඔවුන් විසින් ඉදිරිපත් කොට ඇති අභියාචනා විමර්ශනය කිරීමට ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගෙන් සමන්විතය කමිටුවක් පත් කොට ඇති බවත් එම ආයතනයේ ජ්‍යේෂ්ඨ සිසුන්ගෙන් විභාගය අවසන් වූ පසුව ඒ පිලිබදව විමර්ශන කටයුතු ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බවත් මහාචාර්යවරයා වැඩිදුරටත් පැවසීය





