බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කුරුන්දි විහාරයේ හින්දු උත්සව පවත්වන්න නොදුන්නොත්  ජාතිවාදි ප්‍රශ්න ඇති වෙයි… ප්ලොට් නායකයා පොලිස්පතිට ලියයි!

by editor
ජූලි 16, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

පොලිසිය හා පුරා විද්‍යා නිලධාරීන් අත්තනෝමතිකව හා දෙමළ   ජනයාට අසාධාරණයක් වන අන්දමට ක්‍රයා කළහොත් ජාතිවාදී ප්‍රශ්න ඇති විය හැකි බව දන්වමින්  මුලතිව් කුරුදුමලේ  විහාරාස්ථාන භූමියේ හින්දු පොන්ගල් උත්සවයක් පැවැත්වීමට ගිය  ප්ලොට් සංවිධානයේ නායක හා පාලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන්    පොලිස්පතිවරයාට ඊයේ   ලිඛිතව දන්වා තිබේ.

කුරුන්දි විහාර භූමියේ පවතින්නේ යැයි කියන හින්දු  කෝවිලේ තමන් ඇතුළු කණ්ඩායමක් පසුගිය 14 වැනිදා පොංගල්  පූජාවක් පැවැත්වීමට ගිය අවස්ථාවේ දී    පොලීසිය හා පුරා විද්‍යා නිලධාරීන් බාධා කළේ දෙමළ ජනතාවට දැඩි අසාධාරණයක් සිදු කරමින් බව ද ඔහු එම ලිපියේ සඳහන් කරයි.

පොලීසිය හා පුරා විද්‍යා නිලධාරීන් මෙහිදී ප්‍රධාන කරුණු දෙකක් මතු කළ බව කියන මන්ත්‍රිවරයා ඉන් පලමු වැන්න දැඩි අසාධාරණයක් වන්නේ පුරා විද්‍යා බිමකට ඕනෑම ජාතියකට අයත් පුද්ගලයින්ට ඇතුලු විය හැකි බව කියමිනි.

නමුත්  එම ස්ථානයට රැස් වූ පිරිස පලවා හරින ලද්දේ අත් අඩංගුවට ගන්නා බවට පොලීසිය   ජනතාව බිය වද්දමින් බව මන්ත්‍රීවරයාගේ ලිපියේ සඳහන් කොට තිබේ.

දෙවනුව එම ස්ථානයේ ගිනි මෙලවීමට දෙමළ ජනතාවට ඉඩ ලබා නොදුන්නත් ඊට යාබදව සිටි හමුදා භටයින් ආහාර පිසීමට ලිප් බැද තිබූ අතර වන්දනාකරුවන් ද මෙම ස්ථානයට පැමිණ ලිප් බැද ගිනි දල්වන බව මන්ත්‍රිවරයා කියා සිටියි.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

කුරුදුමලේ විහාරය සම්බන්ධයෙන් දෙපාර්ශ්වයටම අධිකරණය විසින් පනවන ලද තහහම්  නියෝග දෙකක් පැහැදිලිව තිබියදී දෙමළ ජනතාවට පමණක් එම නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසිය උත්සාහ කිරීම තුළින් හැඟී යන්නේ දෙමළ ජනතාව ගැන  කිසිදු තැකීමකින් තොරව කටයුතු කොට ඇති බව යැයිද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

නමුත් මෙම ස්ථාන බෞද්ධ ජනතාවට පමණක් නොව හින්දු ජනතාවටද අයත් බවත් එය අධිකරණය විසින් මෙන්ම ඉතිහාසය විසින්ද පිළිගත් සත්‍යයක් බත් මන්ත්‍රීවරයා පොලිස්පතිවරයාට යවන ලද ලිපියේ සඳහන් කොට තිබේ.

පොලිසිය හා පුරා විද්‍යා නිලධාරීන් අත්තනෝමතිකව හා දෙමළ   ජනයාට අසාධාරණයක් වන අන්දමට ක්‍රියා කිරීම නිසා ජාතිවාදයට මුල් වූ අනවශ්‍ය සිදුවීම් ඉදිරි කාලයේදී සිදු විය හැකි බවත්  නිසා දෙමළ ජනතාවටද සාධාරණ වන අන්දමට කටයුතු කරන ලෙස පොලීසියට උපදෙස් දෙන ලෙස මන්ත්‍රීවරයා සිය ලිපියෙන් වැඩි දුරටත් ඉල්ලීමක් කොට තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වෛද්‍ය විශේෂඥයන් සහ රජයේ සෞඛ්‍ය ආයතන කෙරෙහි මාධ්‍යවලින් මඩගැසීමට එරෙහිව පියවර ගත යුතුයි – වෛද්‍ය විශේෂඥයින්ගේ සංගමය

Next Post

සාලියපුරදීයකඩ සොරාගෙන ඩක්කුවක දමාගෙන යද්දි උතුරු දුම්රියක ගැටිලා – සැකකරුවන් සොයා පරීක්ෂණ

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.