බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අනතුරින් මරණ 11 යි… නැගෙනහිර සරසවියේ සිසුන් දෙදෙනෙක් කොටලීය බස් අනතුරින් අවසන් ගමන් යති!

තවමත් අනන්‍යතාවය තහවුරු කරගත නොහැකි මළසිරුරුත් තියනවා..

by editor
ජූලි 10, 2023
in පුවත්
මිය ගිය නැගෙනහිර විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනා...

මිය ගිය නැගෙනහිර විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනා...

Share on FacebookShare on Twitter
  • අනතුරට හේතුව රියදුරුගේ අපරික්ෂාකාරි රිය පැදවීම… බස් රථයට වළංගු මාර්ග බලපත්‍රයකුත් නෑ….

  • නිතර අනතුරු සිදුවන මෙවැනි මාරක පටු පාලම් දෙක්ක ගැන ජනතාවගෙන් පැමිණිලි…

මනම්පිටිය බස් රථ අනතුරේ මරණ සංඛ්‍යාව දැන් 11 කි.    තවත් හතළිස් එක්දෙනකුට තුවාලය.  ඊයේ (09)   රාත්‍රි 7.45 ට පමණ  පොලොන්නරුව මනම්පිටිය කොටලීය පාලමේ ඔයට වැටී සිදුව වූ බස්රථ රථ අනතුරට සම්බන්ධව රියදුරු අත්අඩංගුව ගෙන අද (10) පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව මනම්පිටිය පොලිසිය කීවේය.

බස රථයට යටවි මඩේ ගිලුණ අය වෙත්දැයි සොයා තවමත් මෙහෙයුම්…

කදුරුවෙල සිට කල්මුණේ දක්වා ගමන් කරමින් තිබු මෙම බස් රථය අනතුරට පත්වීමෙන් නැගෙනහිර විශ්ව විද්‍යාලයේ සිසුන්  දෙදෙනෙකු ඇතුළුව පිරිමි පුද්ගලයන් දසදෙනෙකු සහ කාන්තාවක් මියගොස් ඇති බව පරීක්ෂණ පවත්වන මනම්පිටිය පොලිස්  ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල සරත් කුමාර   අප කළ විමසීමකදී සඳහන් කළේය,

අත්අඩංගුවට ගත් බස්රථයේ රියදුරු මඩකලපුව සන්දිවේලි ප්‍රදේශයේ පදිංචි අවුරුදු හතළිහක් වයසැති අයෙකි.

මෙම පෞද්ගලික බස් රථයට උතුරු මැද පළාත් මාර්ගවල ධාවනය කිරීමට සඳහා මාර්ගස්ථ බලපත්‍රයක් නොමැතිව බවද   පරීක්ෂණවලින් තහවුරු වී ඇති බව පොලීසිය කීවේය.

මනම්පිටිය පොලිසිය කියන්නේ  මෙම මාරක අනතුරට හේතුව රියදුරුගේ අපරික්ෂාකාරී සහ නොසැලකිලිමත් රිය පැදවීම් බව ය.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

අනතුරෙන් වැලිකන්ද බොරවැව අංක 130 ලිපිනයේ පදිංචිව සිටි අවුරුදු 18 ක තරුණයෙකුද මියගොස් ඇත.,

කොළඹ පෞද්ගලික අංශයේ රැකියාවක් නිරත වූ එම තරුණයා මවුපියන් සමඟ තම මිත්තණියගේ මල ගෙදරට යෑම සඳහා කදුරුවෙල නගරයෙන් ගමන් අරඹන කල්මුණේ බස් රථයට ගොඩ වී තිබිණි.

මියගොස් සිටින සෙසු අය කල්මුණේ සහ අක්කරෙයිපත්තු ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.   මියගිය ඇතැම් අයගේ තොරතුරු මෙතෙක් තහවුරු කර ගැනීමට නොහැකිවි  ඇත.  ඔවුන්ගේ  අනන්‍යතාවය සහතික කරගත හැකි සියලුම දේ කොටලීය ඔයේය.  මළ  සිරුරු පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා පොළොන්නරුව මහ රෝහලේ තැන්පත් කර ඇත.

මෙම බස් රථය අනතුරට පත්වීමෙන් පසුව මනම්පිටිය පොලිසිය, යුද හමුදාව, විශේෂ කාර්ය බලකාය නාවික හමුදාව ඇතුළු ප්‍රදේශවාසීන් එක්ව පැයතුනක පමණ මෙහෙයුමකින් අනතුරුව බස් රථයේ සිරවී සිටි තුවාලකරුවන් හතළිස් එක් දෙනකු පමණ ගොඩටගෙන පෞද්ගලික වාහන සහ ගිලන් රථ වලින් මනම්පිටි‍ය සහ පොලොන්නරුව රෝහල්වලට ඇතුළත්  කළහ.

බස් රථය කොටලීය ඔයට වැටීමෙන් එම බස්රථයට තවත් මගින් යටවී ඇතිද යන්න සොයා බැලීම සඳහා කමාන්ඩෝ බලකාය මාදුරුඔය හා වැලිකන්ද යුධ හමුදා කඳවුරුවල පිහිනුම් ඒකක, මෙන්ම ආරක්ෂක අංශ අද (10)  විශේෂ මෙහෙයුමක්ද ආරම්භ කර තිබිණි,

පොලොන්නරුව ජේෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වාගේ සහ වැලිකන්ද ප්‍රදේශය   භාර සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩලගේ උපදෙස් මත මනම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල සරත් කුමාර   ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් මෙම අනතුර පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.

පොළොන්නරුව මඩකළපුව ප්‍රධාන මාර්ගයේ කදුරුවෙල සහ මනම්පිටිය අතර මෙවැනි අනාරක්ෂිත පටුපාලම් දෙකක් පිහිටා තිබෙන අතර, එම පටුපාලම් දෙකෙන් පසුගිය කාලවලදී බස්රථ, යතුරු පැදි, මෙන්ම වාහන විශාල වශයෙන් අනතුරට ලක්ව මිනිස් ජීවිත අහිමි වී ඇති බවත්, මෙම තත්ත්වයන් සැලකිල්ලට ගෙන එම පටුපාලම් දෙක ඉතා කඩමින් පුළුල් කර මෙම ප්‍රධාන  මාර්ගයේ ගමන් කරන ජනතාවගේ ජීවිත ආරක්ෂා කරදෙන ලෙසත් රියදුරන් මෙන්ම මගීහු ද  අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නඩු සහ බඩු දෙකම ඔවුන්ගේ… අවුරා ලංකා ප්‍රසංගයට විරුද්ධ වූ ගොවි සංවිධාන ඇතුළු බහුජන සංවිධාන රාජාංගනය පොලිසියට කැඳවයි!

Next Post

වජිර අබේවර්ධන රේගුවට බලපෑම් කළේ නෑ… ආයාචනා කළා… රේගු මාධ්‍ය ප්‍රකාශක කියයි!

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.