ජනාධිපති ලේකම්වරයා සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරින් සහ ශ්‍රී ලංකා වෛද්‍යසංගමයේ නියෝජිතයින් අතර ඊයේ (7) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සෞඛ්‍ය ක්ෂේත්රයේ පවතින ගැටලුකාරී සම්බන්ධයෙන් පැවති විශේෂ සාකච්ඡාවේදී රට තුළ සෞඛ්‍යය ක්ෂේත්රය පිළිබඳව හදිසි තත්ත්වයක් නොමැති යැයි වෛද්‍ය සංගමයේ නියෝජිතයන් කළ ප්‍රකාශය නිසා ජනාධිපතිලේකම්වරයා මවිතයට පත්ව ඇතැයි වාර්තාවේ.
රටේ සියලුම ප්‍රශ්න මේ වන විට විසඳී ඇද්ද යන්න පිලිබඳව ලේකම්වරයා වෛද්‍ය සංගමයේ නියෝජිතයින්ගෙන් විමසු විට ඔවුන් නිරුත්තරව සිටි බවද දැනගන්නට ඇත.
මේ බොරුව නොකරන ලෙසත්, එදා මෙන් පෝලිම් නොමැති වුවද ප්‍රශ්න සියල්ල මුළුමනින්ම විසඳී නොමැති බවත් ඒ අතර සෞඛ්‍ය ක්ෂේත්රය ප්රමුඛ යැයි පිළිගත යුතු බවත් ජනාධිපති ලේකම්වරයා සෞඛ්‍ය නිලධාරීන්ට දන්වා තිබේ.
රට අමාරුවෙන් ඉදිරියට ගමන් කරන බව තේරුම් ගත යැයි කී ලේකම්වරයා සෞඛ්‍ය තුළ තිබෙන ගැටලු සාකච්ඡා කර විසදාගත යුතුව ඇති මොහොතක තමන්ගේ කාලය නිකරුනේ නාස්ති නොකරනලෙසද මෙහිදී සඳහන් කර ඇත.
මෙම සාකච්ඡාවට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු සභාපති මහාචාර්ය අසිත ද සිල්වාටද ආරාධනා කර තිබූ අතර සාකච්ඡා මේසයේ ඔහුට ඉඩක් වෙන් කර තිබූ නමුත් ඔහු පැමිණියද සාකච්ඡාවට සහභාගි නොවී පිටව ගොස් ඇතැයි ජනාධිපති ලේකම්කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.







