පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකරගේ නීතිඥ පුතු බම්බලපිටියේ දී කොල්ල කෑ රොක්සිවත්තේ රංජි පොලිිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිවල ප්රදේශයේ දී ය.
බම්බලපිටිය ලෙයාර්ඩ්ස් පාරේ ග්රාම නිලධාරි කාර්යාලය අසල සිය පෙම්වතිය සමග සල්ලාපයේ යෙදෙමින් මෝටර් රථයේ දයාසිරි ජයසේකරගේ පුත් නීතිඥ කවින් ජයසේකරට පසුගිය 03 සවස පිහියක් පෙන්වා බිය ගන්වා රුපියල් 163,000ක වටිනාකමක් සහිත මුදල් හා සුදු රත්තරන් මාලයක් කොල්ලකෑ මේ පුද්ගලයා පලා ගොස් තිබිණි.
මෙම සිද්ධිය සීසීටීවී කැමරාවල මැනවින් සටහන්ව පැවතිනි. ඒ ඔස්සෙ විමර්ශනය කළ පොලිසිය විසින් අත් අඩංගුවට ගත් රොක්සිවත්තේ රංජි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.







