ඉහළ කොත්මලේ ජලාශයට පැන සිය දිවි හානි කර ගැනීමට ගිය තරුණියක බේරා ගැනිමේදී දියේ ගිලිමෙන් මිය ගිය හමිඩ් රිසවාන් ගේ අවසන කටයුතු ඊයේ (23) සවස ලිඳුලේදී සිදුවිය. පසුගිය 21 වැනිදා මිය ගිය ඔහු මුස්ලිම් ජාතියකු වුවද ඔහුගේ අවසන් කටයුතු පැය 24ක් තුළ සිදු නොවූ අතරම ඔහුගේ අවසන් කටයුතු සිදුවූයේ බෞද්ධ ආගමික වත්පිලිවෙත්වලට අනුකලව ය. එයට හේතුව ඔහු සිංහල තරුණියක සමඟ විවාහ වී සිටීම සහ සිංහල සම්ප්‍රදායයන්ට හුරු වී සිටීමය.
මිය යන විට 32 වියේ පසුවු රිස්වාන් තරුණයාගේ දරුවන්ද බෞද්ධ පරිසරයක හැදී වැඩෙන අතර ඔහුගේ දරුවන් අධ්‍යාපනය ලබන්නේ ද සිංහල මාධ්‍යයෙනි. මිය යනවිට 32 හැවිරිදි වියේ පසුවු රිස්වාන් වෙනුවෙන් ප්‍රෙද්ශයේ ශෝකය සහ ඔහුට උපහාර කරන බැනර ප්‍රදර්ශනය කර තිබු අතර අන්තර් ජාලඩසමාජ මාධ්‍යවලද බොහෝ පිරිසක් ඔහුගෙ විර ක්‍රියාව අගයා තිබිනි..