ලලිත් චාමින්ද
රාජ්‍ය ඖෂධ නිතිගත සංස්ථාවට වෛද්‍ය සැපයුම් අංශයෙන් 2022 වර්ෂය අවසානය වනවිට රුපියල් බිලියන 51.6ක මුදලක් ලැබිමට ඇති බව මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය පවසයි.
මෙම තත්වය හේතුවෙන් ආයතනයේ විවිධ මුල්‍ය ගැටලු පැන නැගි ඇති බවද මුදල් අමාත්‍යංශය පෙන්වා දෙයි. විදේශ විනිමය හිඟය හේතුවෙන් ආනයනය සිමාකිරිම, රාජ්‍ය මුල්‍ය සිමාවිම, යන හේතු නිසා රාජ්‍ය ඖෂධ නිතිගත සංස්ථාවේ ආදායමෙහි සාමාන්‍ය වාර්ෂික වර්ධන වේගය 2022 වර්ෂය තුළ සියයට 15කින් පහතවැටි ඇත.
ඖෂධ නිතිගත සංස්ථාවේ යහපත් මුල්‍ය කාර්යසාධනයක් ලගාකරගැනිම සදහා එහි කළමනාකරණ තොරතුරු පද්ධති හා ප්‍රසම්පාදන ක්‍රම වැඩිදියුණු කිරිම අවශ්‍ය බවද මුදල් අමාත්‍යංශය පෙන්වා දෙයි.