බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආණ්ඩුවේ අස්වැසුමට ආණ්ඩුවත් විරුද්ධ වෙයි… පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු එක්ව අප්‍රසාදය පලකරති!

by editor
ජූනි 23, 2023
in පුවත්
Ranil
Share on FacebookShare on Twitter

රජයේ නව සමාජ සුබසාධන යෝජනා ක්‍රමය වන ‘අස්වැසුම’ යටතේ සහනාධාර ලබා ගැනීම සඳහා සුදුසුකම් ඇති පුද්ගලයන් තෝරා ගැනීමේදී බරපතළ විෂමතා මතුවීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරු ද අද (23)   පාර්ලිමේන්තුවේ දී  සිය අප්‍රසාදය පළ කළහ.

මුලින් ප්‍රශ්නය මතු කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර කියා සිටියේ මේ තොරාගැනීමේ ක්‍රමය   විකෘතියක් බවත්  ජපානය වැනි රටවල සේවය කරන පුද්ගලයින් කිහිප දෙනෙකු ද මෙම යෝජනා ක්‍රමය යටතේ ආධාර ලබා ගැනීමට සුදුසුකම් ලත් පුද්ගලයන් ලෙස තෝරාගෙන ඇති බවයි.

“සත්‍ය වශයෙන්ම ආධාර ලබා ගැනීමට සුදුසුකම් ඇති අයගෙන් බොහෝ පැමිණිලි ලැබී තිබෙනවා. විදේශගතව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සංවාදයක් පැවැත්වීමට අපි කැමැත්තෙන් සිටිනවා. නමුත් අපි අගමැතිතුමාට  කියන්නේ මේ අස්වැසුම වැඩපිළිවෙළ නවත්වලා සමෘද්ධි වැඩසටහන හරහා මේ ආධාර මුදල් ගෙවා දැමීම වැනි විකල්ප වැඩපිළිවෙළකට මැදිහත වී    යම් තාවකාලික විසඳුමක් ලබා දෙන ලෙසයි.” ඔහු පැවසීය.

චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා ද මෙහිදී අස්වැසුම වැඩසටහනේ ඇති අතාර්කික බව හෙළි කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ ගෘහ ආදායම හා වියදම් පිළිබඳව විධිමත් සමීක්ෂණයක් කිරීම වඩා හොඳ බවයි.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

“මම මීට පෙර අවස්ථා වලදීත් ගෘහස්ථ ආදායම් හා වියදම් සමීක්ෂණයක් ඉල්ලා ඇති අතර, සහන ලබා ගැනීමට සැබෑ සුදුසුකම් ඇති පුද්ගලයන් තෝරා ගැනීමට හැකි වන පරිදි නැවත වරක් එම ඉල්ලීම කරනවා. “ විපක්ෂ නායකවරයා කීවේය.

“ලර්න් ඒෂියා විසින් කරන ලද සමීක්ෂණයකින් හෙළි වී ඇත්තේ ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවයෙන් පෙළෙන මුළු ජනගහනය පෙර මිලියන 04 සිට මේ වසරේ මිලියන 07 දක්වා වැඩි වී ඇති බවයි,” ඔහු පැවසීය.

ඊට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන  අස්වැසුම තාවකාලිකව අත්හිටුවීමටත් සමෘද්ධිය යටතේ තාවකාලික ආධාර ලබා දීමටත් යෝජනා කළේය.

“ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල බලාපොරොත්තු වෙන්නේ සැබෑ දුප්පත් මිනිහට ආධාරය යන වැඩපිළිවෙළක්. මෙතන එහෙම වෙලා නෑ.  වකුගඩු රෝගියා අත්හැරලා. ආබාධිත පුද්ගලයින් අයින් කරලා. නුසුදුස්සො අඩු කරන්න කතා කළාට  නුසුදුස්සො තව දුරටත් වැඩි වෙලා.    කඩිනම් වැඩපිළිවෙළක් නොකළොත් දුප්පත් මිනිස්සු අපහසුතාවයෙන් අපහසුතාවයට පත් වෙනවා. “ ඔහු කීවේය.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන්   පැවසුවේ මන්නාරම ප්‍රදේශයේ ජනතාවට මෙම යෝජනා ක්‍රමය යටතේ ආධාර අහිමිවීම දැන් පාරට වැටී ඇති බවය. “ මන්නාරම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරියේ  ඊයේ උදේ ඉඳන් මිනිස්සු හිටගෙන ඉන්නවා.” ඔහු කීවේය.

ඊට ප්‍රතිචාර දැක්වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන කියා සිටියේ ඇතැම් නිලධාරීන්ගේ සහයෝගය නොලැබීම විෂමතා ඇතිවීමට හේතුවී ඇති බවයි.

“සුබසාධන යෝජනා ක්‍රමයෙන් අසනීප සහ ආබාධිත අයව අපට කිසිසේත්ම අත්හැරිය නොහැක,” ඔහු ද පැවසීය.

අස්වැසුම සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කිරීමට ඕනෑම කෙනෙකුට තවම කාලය තිබෙන බවත් අගමැතිවරයා කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කෑම බීමවල වස තිබ්බත් හොයන්න විදිහක් නෑ… රටේ මිනිස්සු තවත් අනතුරක…

Next Post

කළමනාකාර සහකාරවරයා මරා දැමු බවට චෝදනා ලද නාකොටික් නිලධාරීන් 07 යළිත් රිමාන්ඩ්…

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.