සුමිත් පොතුපිටිය –
යූ ටියුබ් හී ගිනි අවි නිපදවන රූප රාමු නරඹා ගිනි අවි නිදපවූ පුද්ගලයින් දෙදෙනෙකු ගිනි අවි දෙකක් සහ නිපදවීමට යොදාගත් උපකරණ සමග ඊයේ (20) අත්අඩංගුවට ගැනීමට කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සමත්ව ඇත.
සැකකරුවන් සන්තකයේ තිබී ටී 56 වර්ගයේ උණ්ඩ යෙදිය හැකි ගිනි අවියක්, අඩි පහක් පමණ දිග ගිනි අවියක් , 7.62 x39 උණ්ඩයක්. ගිනිඅවි නිපදවීමට යොදාගත් ග්‍රයින්ඩර් දෙකක් සහ ග්‍රිල් එකක් සොයාගත් බව පොලිසිය කීය.
සැකකරුවන් මෙම ගිනිඅවි භාවිතා කරමින් කිසියම් අපරාධ සිදුකර ඇද්ද යන්න සම්බන්දයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බවද පොලිසිය සඳහන් කරයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බදුරලිය සීලදොල ප්‍රදේශයේ පදිංචි 41 සහ 21 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකු බවත් ඔවුන් නෑකමට මාමා සහ බෑනා වන බවත් පොලිසිය කීය.
සැකකරුවන් මතුගම මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි .
ජේෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස, සහකාර පොලිස් අධිකාරී දුමින්ද රාජපක්ෂගේ උපදෙස් පරිදි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් කුමාර ගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක සුජිත් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් සැරයන් වරුන්වන රත්නායක (37109), සරත්(49251), ගුණවර්ධන (44817), ජයලත් (69993), නවගමුව (24040) සහ පොකොරි තාරින්ද (103072) වැටලීමට එක්වූහ.







