2009 වසරේ සිට වෙරළ ඛාදනයට ලක් වූ හලාවත, තොඩුවාව ප්‍රධාන වෙරළ මාර්ගය ප්‍රෙද්ශවාසීන්ගේ මැදිහත්වීමෙන් පසුගිය 21 වැනිදා සිට 27 වැනිදා පිළිසකර කළේය.
හලාවත, තොඩුවාව ප්‍රධාන වෙරළ මාර්ගය වසර ගණනාවක් තිස්සේ වෙරළ ඛාදනයට ලක් වූ අතර නිවාස කිහිපයක්ද මුහුදට බිලිවිය. මේ පිළිබඳ ප්‍රෙද්ශවාසීන් විසින් බලධාරීන්ට ඉල්ලීම් කළත් එයට කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු අතර ගම්වාසීන් සහ සෙඩෙක් ආයතනනය එක්ව පසුගියදා වැලිකොට්ට අසුරා මුහුදුබඩ මාර්ගය පිළිසකර කිරීමට කටයුුතු කළහ.
එහිදී රුපියල් ලක්ෂ 2ක මුදල් ආධාරයක් සෙඩෙක් ආයතනය ලබා දුන් අතර ප්රෙද්ශවාසිීන්ගේ ශ්‍රමය හා මුදල් ආධාර ඇතිව මාර්ගය පිළිසර කෙරිණි.








