රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පසුගිය වසරේ ඊට පෙර වසරට සාපේක්ෂව රුපියල් ලක්ෂ 260ක් සාමාජික මුදල් ඉතිරි කර ගත් බව නිවේදනය කර ඇත.
වසර ගණනාවක් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපතිවරයාව සිටි විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය සභාපති ධූරයෙන් ඉවත්ව ගත වු වසරක කාලයේදී රුපියල් ලක්ෂ 260ක මුදලක් ඉතිරි කර ගැනීමට හැකි වූ බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ නිල Whats App සමූහයට පණිවිඩයක් යොමුකර දැනුම් දී ඇත.
එහි දැක්වෙන්නේ “රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නව පරිඡ්චේදය අඛන්ඩව විනිවිධභාවයකින් හා වගවීම ස්ථාපිත කර ඇත. පසුගිය වසරට සාපේක්ෂව රුපියල් මිලියන 26ට ආසන්න සාමාජික මුදලක් ඉතිරි කර ඇත” යනුවෙනි







