සහරාන් බෝම්බයෙන් සිදු කළ දෙය පාස්ටර් ජෙරෝම් ප්‍රනාන්දු වචනවලින් සිදු කරන බව වෛද්‍ය වසන්ත බණ්ඩාර පවසයි.
සමාජ ක්‍රියාකාරිකයෙක් මෙන්ම වෘත්තිකයෙක් වූ වෛද්‍ය වසන්ත බණ්ඩාර මේ බව පවසන්නේ ටෘත් විත් චමුදිත වැඩසටහනට එකතු වෙමින් පවසයි.
බුදුන්වහන්සේ, ජේසුස් වහන්සේගෙන් ආලෝකය සෙවූ බව පවසමින් බුදුන්ට අපහාස වෙන අන්දමේ ප්‍රකාශ හරහා ආගමිකවාදී ගැටුමක් ඇති කිරීමට ඔහු උත්සාහ කරමින් සිටින බව වෛද්‍ය බණ්ඩාර සඳහන් කරයි.
තමන් දේවගැතිවරයෙකු ලෙසින් පවසා ගන්නා ජෙරොම් යම්කිසි පාර්ශවයක් මඟින් මෙහෙයවනු ලබන බවත්, සුදු ලස්සන පෙනුමැති හොඳින් භාෂාව හසුරුවන මුව විවර වූ විට මොළය වැඩ නොකරන අන්දමේ අයෙකු නිසා පුද්ගලයින්ව රැවටීම ඔහුට පහසු වී ඇතැයි ද වෛද්‍ය වසන්ත බණ්ඩාර පවසයි.
“ජෙරොම් ප්‍රනාන්දු මේ තරම් මුදල් කොහෙන් ද? ඔහුට හා ඔහු සමඟ සිටින අයට කෙතරම් මුදල් ගෙවනව ද? කව්ද ඔවුන්ව මෙහෙයවන්නේ?” මේ කරුණු කාරණා සම්බන්ධයෙන් පොලීසිය සොයා බැලිය යුතු බවට ඔහු අවධාරණය කළේය.
“රටක ගැටුමක් නිර්මාණය කරන්න තියෙන හොඳම විදියක් තමයි ආගමික මතවාද ඇවිලවීම.. බෞද්ධ ශාස්තෘන්වහන්සේට අපහාස කරමින් ජනතාව කුපිත කරවන්නයි ජෙරොම් උත්සාහ කරන්නේ.. සමාජෙට පෙට්‍රල් වත් කරලා ගිනිකූරක් ගහනකම් ඔහු දැන් බලන් ඉන්නවා..”
“ජෙරොම් කියන්නේ කව්රු හරි පුරුදු පුහුණු කරවලා යොදවන කෙනෙක්.. ජනාධිපතිට වාර්තාවක් ලබා දුන්න පමණින් මේ ගැටලුව ඉවරයක් වෙන්නේ නෑ.. අන්තිමට සහරාන් කළා වගේ බෝම්බේ පුපුරවලා දානකම් කව්රුත් ඒ ගැන දැන ගන්න එකක් නෑ.. නිසි වෙලාවට නිසි පියවර ගන්න ඕනේ මේ වගේ පාස්ටර්වරුන්ට එරෙහිව.. “
“ඇස් හොඳ කරනවා, ලෙඩ හොඳ කරනවා කියන අය, කැමරාවලට පේන්න අත්පුඩි ගහන අය, ජෙරොම් කියන හැමදේම ඒ විදියම පිළි අරගන්නවා කියන අය මේ හැමෝම ගැන හොයන්න ඕනේ… මට අනුව නම් මේ හැමදේම ඩ්‍රාමා එකක්.. කැමරාවලට පේන්න ඉන්න හැමදෙනාම නළුවෝ.. ගිනිකූර පත්තු වෙන්න ඉඩ නොතියා දැම්මම පෙට්‍රල් වත් කරන්න හේතුව ගැන හොයලා ඒකට පිළියමක් යොදන්න ඕනේ..” වෛද්‍ය බණ්ඩාර වැඩිදුරටත්, චමුදිත සමඟ පැවසීය







