ඉන්ධන මිල ගණන් පහළ යෑමට සාපේක්ෂව බස් ගාස්තු සංශෝධනයට අදාළ ගණනය කිරීම් සිදු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරයි.
කොමිෂන් සභාව පවසන්නේ ඉදිරියේ දී එම සහනය ජනතාවට ලැබෙනු ඇති බවය.
මේ අතර ඉන්ධන මිල ගණන් පහත දැමූවද ත්‍රිරෝද රථ ගාස්තුවේ කිසිදු වෙනසක් සිදුනොකරන බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේන අද (01) උදෑසන මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේය.
අඩුකළ රුපියල් 7ක පෙට්‍රල් මිල ම ගාස්තු වෙනසක් සිදුකිරීමට ප්‍රමාණවත් නොවන බව පෙන්වා දුන් ඔහු මේ සොච්චම් මිල අඩු කිරීම නිසා ඇතිවුනේ සහනයක් නොව අසහනයක් බව පැවසුවේය. හයර් දුවන ත්‍රී විල් රථ සඳහා අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය ලබා දෙන ලෙස ඔහු රජයෙන් ඉල්ලා සිටියේය.