බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

ණය ප්‍රතිව්‍යූහගතකරණයේ මානය චීනය ඈත් කරයිද?

by Lanka Sara Editor
අප්‍රේල් 29, 2023
in සමාජ
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණ කතාවල තවම ඉවරයක් නැත. මේ ගැන අලුත්ම කතාව වන්නේ ශ්‍රි ලංකාවේ ණය හිමි  රටවල එකතුවක් වන පැරිස් සමාජය සමඟ වෙනමත් චීනය සමඟ වෙමත් ණය ප්‍රතිව්‍යූහගතකරණය පිළිබඳව සාකච්ඡා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රකාශ කරනු ලැබීමය. මේ වෙන වෙනම කතා මාතෘකාව ආවේ පසුගියදා ඇමෙරිකාවේදී වොෂින්ටන් නුවර පැවැති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වසන්ත රැස්වීම් මාලාවට සමගාමීව පැවති ශ්‍රි ලංකාවේ ණය ප්‍රති ව්‍යූහගතනකරණ වැඩ පිළිවෙළ පිළිබඳව පැවැති සාකචඡාවෙන් අනතුරුවය. මේ ණය ප්‍රතිව්‍යූහගතකරණ වැඩපිළිවෙළ සඳහා පුරෝගාමීත්වය ගත්තේ ජපානයයි.  ඒ සඳහා ඉන්දියාව ප්‍රංශය ප්‍රමුඛ රටවල් සහභාගී වුවද චීනය ඔවුන් සමඟ වාඩි වුණේ නැත.

ජපානය, ප්‍රංශය සහ ඉන්දියාව ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සම්බන්ධීකරණය කිරීම සඳහා ණය හිමියන් සඳහා නව වේදිකාවක් ප්‍රකාශයට පත් කරන බව ජපාන මුදල් ඇමැති ෂුනිචි සුසුකි ශ්‍රී ලංකාවේ නව වසරට පෙර ප්‍රකාශ කළේය. චීනය මෙම ප්‍රයත්නයට සම්බන්ධ වන්නේ නම් එය “ඉතා හොඳ” බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය. මෙම වසරේ G7 කණ්ඩායම් රැස්වීමේ මුලසුන හොබවන ජපානය, මෙවර සංවාදයේ ප්‍රමුඛතා අතරට ශ්‍රී ලංකාව වැනි මධ්‍යම ආදායම් ලබන රටවල ණය අවදානම පිළිබඳව අවධානය යොමු කිරීමට උත්සාහ දරා ඇත. ජපානය, ප්‍රංශය සහ G20 කණ්ඩායමේ සභාපතිධුරය දරන ඉන්දියාව විසින් ආරම්භ කරන ලද නව වේදිකාවේ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ එකඟතා අන්තර්ගත නිවේදනය කඩිනමින් නිකුත් කෙරෙනු ඇති බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය. ෂුනිචි සුසුකි මේ බව සඳහන් කරන ලද්දේ, G7 මූල්‍ය ප්‍රධානීන්ගේ රැස්වීමෙන් පසු ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි. ජපාන මුදල් ඇමැතිවරයා ප්‍රකාශ කළ මෙම ‘වේදිකාව’ ණයගැති ජාතීන් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා, ණයහිමි රටවල් එක්වන රැස්වීම් මාලාවකින් සමන්විත වනු ඇත.

 

“මෙම රාමුව සැකසීමට අපි විශාල උත්සාහයක් ගත්තෙමු. බොහෝ රටවල් ඊට සහභාගී වනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. චීනයද ඊට එක් වුවහොත් එය ඉතා යහපත් බව ප්‍රකාශ කළ හැකිය.” යැයි ඇමැතිවරයා එහිදී වැඩිදුරටත් පෙන්වාදුන්නේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

 

ජපානය ඇතුළු ශ්‍රී ලංකාවේ අනෙකුත් සියලුම ද්විපාර්ශ්වික ණයහිමියන් ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් මෙලෙස එකම වේදිකාවකට පැමිණ, අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන සක්‍රිය කරමින් ශ්‍රී ලංකාවට සහාය ලබාදීමට සුදානමින් පසුවුවද, චීනය තවමත් ඊට සුදානමක් පෙන්වන්නේ නැත. ජපාන මුදල් ඇමැතිවරයාට මෙලෙස නැවත නැවත චීනයෙන් ඉල්ලීම් සිදුකිරීමට සිදුව ඇත්තේ එබැවිනි.

 

අනෙක්  ජපානය ඇතුළු ණයහිමි පාර්ශ්වය ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය වෙනුවන් කොන්දේසි පැනවීමක් සිදුකර නැති නමුත් චීනය එසේ නොවේ.

මේ අනෙක් රටවලටද ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් විවිධ ඉල්ලීම් අපේක්ෂා සහ න්‍යය පත්‍ර තිබෙන්නට පුළුවන. එහෙත් මේ වනවිට ඔවුන්ගෙන් මේ සම්බන්ධයෙන් සිදු කෙරී ඇති ඉල්ලීම් ප්‍රකට පොදු ඒවාය. එනම් ශ්‍රි ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් එහිදී ඔවුහු යෝජනා කරති.පවතින නීති රීති වෙනස් කිරීම, රාජ්‍ය ආයතන පෙද්ගලීකරණය වැනි යෝජනා ඒ අතර පවතින බව සැබෑය. ඒවා පිළිගැනීම හෝ නොපිළිගැනීම වෙනම කතාවකි.

එහෙත් චීනය මෙතෙක් ප්‍රසිද්ධියේ ණය ප්‍රතිව්‍යූහගතකරණය පිළිබඳව කතා කරන්නේ නැත. ඔවුන් තවමත් පවසන්නේ ලබා දුන් සහනයෙන් සෑහීමකට පත් වන ලෙසය. ඒ ලබා දුන් සහනය වන්නේ චීන එක්සිම් බැංකුව විසින් ශ්‍රි ලංකාවට ණය ආපසු ගෙවීම සඳහා වසර දෙකක සහන කාලයක් ලබා දීමය. එහෙත් සෙසු ණය හිමි රටවල් ශ්‍රි ලංකාවට ණය ලබා දුන් ලොකුම ණය හිමියා වන  චීනයෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙති. ශ්‍රි ලංකාවද චීනයෙන් ගැන එවැනි බලාපොරොතතුවක් ඇත. එහෙත් චීනය මෙම පොදු  ඉල්ලීම හමුවේ සැනසිලි වදන් දොඩනු හැර වෙනත් කිසිවක් මෙතෙක් සිදුව නැත. පසුගිය සිකුරාදා ද ශ්‍රි ලංකාවේ චීන තානාපතිවරයා මහනුවර ගොස් ප්‍රකාශ කර සිටියේ ශ්‍රි ලංකාවේ අර්බුද විසඳා ගැනීම සඳහා චීනය ශ්‍රි ලංකාව මඟ සමීපව කටයුතු කරන බවය. වැඩි කල් නොගොස් ශ්‍රි  ලංකාවට මෙම අභියෝග ජය ගත හැකි බවට ඔහු ධනාත්මක ප්‍රකාශවක් ද කළේය. එහෙත් චීනය ශ්‍රි ලංකා පුන පුනා ඉල්ලන ණය ප්‍රතිව්‍යූහගතකරණ මාතෘකාව එළියට අද නොගන්නේ  වෙනත් සැඟවුණු අරමුණු මේ මත්තේ තබා ඉටු කර ගැනීමට බව ඇතම් රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ මතය විය. මෙසේ සිදු කරන දහසකුත් එකක් ඉල්ලීම් පිළිබඳව අපටද සැක මතුවන්න් දකුණු පළාතේ දෙවුන්දර තුඩුව ආසන්නයේ ඉන්දියාව පිළිබඳව ඔත්තු බැලීමේ අරමුණින් දෙවුන්දර තුඩුවේ චන්ද්‍රිකා නිරීක්ෂණ මධ්‍යස්ථානයක් ඉදි කිරීම පිළිබඳව  වන යෝජනාවක් ගැන  ඉන්දීය මාධ්‍ය ආනාවරණය කිරීම සහ නිදහස් වෙළෙඳ ගිවිසුමක් පිළිබිඳව කතාවක් යලි කරළියට ගෙන ඒමය. ණය ප්‍රතිව්‍යූහගතකරණය මත්තේ එවැනි තුරුම්පු චීනය භාවිත නොකරාවි යයි අපට සිතිය නොහැක්කේ මේ වවිටත් අප වැටී ඇති චින ණය උගුලේ සිරවීමේ වේදනා දන්නා නිසාය.

ණය ප්‍රතිව්‍යූහගතකරණයේ දී මේ වන විට විදේශ ණයකරුවන් සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බවත්, එම සාකච්ඡාවල දී අපට කොන්දේසි දැමිය නොහැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහට දැන් ප්‍රසිද්ධියේම ප්‍රකාශ කිරීමට සිදුව ඇත්තේ එබැවිනි. කොන්දේසි රහිතව සාකච්ඡාවලට යාම ශ්‍රී ලංකාවට වඩා පහසු බවද ජනාධිපතිවරයා පෙන්වාදී ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව ප්‍රකාශ කරන ලද්දේ පසුගියදා පාර්ලිමේන්තුව අමතමින් විශේෂ ප්‍රකාශයක් කරමිනි. එපමණක්ද නොව ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලියේදී අනාගතයේ මෙරට කොටස් වෙළඳපොලේ යම් කඩාවැටීමක් සිදුවුවහොත්, කොටස් වෙළඳපොළ වසාදැමීමට පවා සිදුවිය හැකි බවද හෙතෙම පෙන්වාදුන්නේය.

 

විදේශ ණයකරුවන් එක්ක දැන් සාකච්ඡා ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම මේ අවස්ථාවේ දී ඒ අය කියලා තියෙන්නේ දේශීය ණය ප්‍රතිව්‍යූහගතකිරීම පිළිබඳත් ඒ ගැන සාකච්ඡා කරන්න කියලා. දැන් අන්තිම තීරණ අරගෙන නැහැ. ඒකයි අපේ රාජ්‍ය ඇමතිතුමාත්, මහ බැංකුවේ අධිපතිතුමාත් කිව්වේ, දැනට අපි තීරණ අරගෙන නැහැ. ඒත් මේ ගැන සාකච්ඡා කරන කොට අපි තීරණ ගන්න ඕනේ. අපි කොන්දේසි දාලා සාකච්ඡාවට යන්න බැහැ. එහෙනං ඒ අය කොන්දේසි දාලා අපි එක්ක සාකච්ඡාවට එයි. ඊට වඩා අපිට වාසියි මේ කොන්දේසි නැතුව සාකච්ඡාවලට යන්න. ඒ නිසා විශේෂයෙන්ම මේක කරද්දී අපිට තියෙනවා හැම අංශයක් දිහාම බලන්න. ඒත් කාටවත් හානියක් වෙන්නේ නැහැ. කාටවත් මෙතනින් හානියක් වෙන්නේ නැහැ. සමහරු බැංකු කියනවා මේකට මුහුණ දෙන්න බැහැ කියලා. මම කියන්නේ එහෙනං තමන් භාර අරගෙන මේ ආර්ථිකය ගෙනියන්න කියලා. එක එක අය තුවක්කුවක් දාලා ඔළුවට කියන්න බැහැ, මේක කළොත් මේක කඩා වැටෙනවා. විශේෂයෙන්ම කොටස් වෙළෙඳපොළේ කියනවා, කොටස් වෙළෙඳපොළ කඩා වැටෙනවා කියලා. කඩා වැටුණොත් මම ඒක වහන්නං. එච්චරයි තියෙන්නේ.” යැයි ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් සඳහන් කළේය.

 

ජනාධිපතිවරයාට සහ රටට මෙම මූල්‍ය අරමුදලේ(IMF) ණය වැඩසටහන හමුවේ මුහුණ දීමට සිදුව ඇති අභියෝගය වන්නේ චීනය හෝ ණයහිමියන්ගේ කොන්දේසි පමණක් නොවේ. රටට මූල්‍ය අරමුදලේ දැඩි කොන්දේසිවලටද යටත්ව සැළකිවයුතු කාලයක් සිය ආර්ථිකය පාලනය කිරීමට සිදුවනු ඇත. ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර සබඳතා සහ උපායමාර්ගික අධ්‍යයන ආයතනයේ පර්යේෂක මයිකල් අයිව්සන් පෙන්වාදී ඇති ආකාරයට IMF ණය වැඩසටහන දැඩි දැඩි කොන්දේසිවලින් යුක්ත වේ. IMF ඉල්ලා සිටින්නේ ශ්‍රී ලංකා රජය සිය බදු යාන්ත්‍රණය ප්‍රතිසංස්කරණය කරන ලෙසත්, අඛණ්ඩ අයවැය හිඟය පියවා ගැනීමට සහ ආදායමට අනුකූලව වියදම් සකසාගැනීම සඳහා, වියදම් කළමනාකරණය කරන ලෙසත්ය. එසේම මාස හයකින් සිදුවන පළමු IMF සමාලෝචනයට පෙර, ශ්‍රී ලංකාව ද්විපාර්ශ්වික සහ පෞද්ගලික ණයහිමියන් සමඟ ණය ප්‍රතිව්‍යූහඑගත කිරීමේ සාකච්ඡා ආරම්භ කළ යුතුය. ඉන්දියාව සහ ජපානය සිය මූල්‍ය සහන සම්බන්ධයෙන් අනුමැතිය ලබාදීමෙන් අනතුරුව දීර්ඝ ප්‍රමාද කිරීමකින් පසු චීනයද මූල්‍ය සහතිකය ලබාදුන් අතර, අප්‍රේල් මාසය අවසානයේ සිය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ උපාය මාර්ගය ප්‍රකාශයට පත් කිරීමට රජය ඉලක්ක කර ඇත.

 

ශ්‍රී ලංකාව මුහුණදෙන අනෙක් අභියෝගය වන්නේ රාජ්‍ය තන්ත්‍රය වෙලාගත් දුෂණය සහ වංචාවයි. මේ දූෂණ වංචා සඳහා චීනය විසින් පසුගිය කාලයේ කිසිදු කොන්දේසියකින් හෙවිල්ලකින් බැලිල්කින් තොරව ලබා දුන් ණයද ඉඳුරාම හේතු වී ඇත. අද විදේශ සංචිත පිළිබඳව අර්බුදය සමඟ මෙම දූෂිත ණය යාන්ත්‍රණය සෘජුවම සම්බන්ධද බවට සාක්ෂි සාධක තිබේ.

එහෙත් අද ශ්‍රි ලංකාවට සිදුව ඇත්තේ මෙලෙස ලබා දුන් ණය පවතින දැවැන්ත අර්බුදය හමුවේ ප්‍රතිව්‍යූහගතනරණය කිරීමේදී චීනය සමඟ වෙනම කතා කිරීමටය. මේ කතාවලදී ඔවුන්ගෙන් එන ඉල්ලීම් මොනවාදැයි ඇතැම් විට අපට දැන ගන්නටවත් නොලැබෙනු ඇත. එහෙත් සිය ගෝලීය බල ව්‍යාපෘතියේ මර්මස්ථානයක් ලෙස සලකන ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් ඔවුන් සුක්ෂම යෝජනා එකක් හෝ කිහිපයක් දමනු ඇත. ඒ සඳහා ප්‍රතිචාර දැක්වීමේ රාජ්‍ය තාන්ත්‍රික පෞරුෂය සහ ක්‍රමෝපායයික බව ශ්‍රි ලංකාවේ රාජ්‍ය පාලනයට තිබිය යුතුය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලද   පසුගිය මාර්තු 21 දින පැවසුවේ, සිය ණය වැඩසටහනේ කොටසක් ලෙස දූෂණය අවම කිරීමට ශ්‍රී ලංකාව ගනු ලබන ක්‍රියායමාර්ග සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බවයි. IMFහි ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්රධානී පීටර් බෲවර් පවසන්නේ, ශ්‍රී ලංකාවේ දූෂණ සහ පාලන දුර්වලතා තක්සේරු කර නිර්දේශ ලබාදෙන බවයි. මෙම තීරණාත්මක ප්‍රතිසංස්කරණ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පාර්ශවකරුවන් සහ සිවිල් සමාජ සංවිධාන සමඟ තවදුරටත් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු පවසා ඇත.

අවසානයේ ජනාධිපති රනිල් සහ රට හමුවේ පවතින විශාලතම අභියෝගය වන්නේ, පෙරකී අභියෝග සියල්ල කඩිනමින් ජයගනිමින්, මේ වසරේ සැප්තැම්බර් මාසය වන විට IMF ණය වැඩසටහනේ පළමු සමාලෝචනයට මුහුණදීමයි. යම්හෙයකින් ඒ වන විට, IMF විසින් ලබාදී ඇති මෙම මුලික මට්ටමේ අභියෝග සියල්ල ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්ව නොසිටියහොත්, මීට පෙර පිහිට පතා වොෂිංටන් වෙත ගිය 16 වතාවේදී මෙන්ම, මෙවර 17වන වතවේදීද ශ්‍රී ලංකාවට අසාර්ථක IMF වැඩසටහනක් සහ බංකොලොත් ආර්ථිකයක් සමග ලෝකය හමුවේ තනිවීමට සිදුවනු ඇත.

Share69Tweet43
Previous Post

කුඩා සාමනේර නමට වසර 3ක් තිස්සේ හදිකළ විහාරාධිපති චීවර ධාරියා සහ තවත් චීවරධාරීන් 02ක් පන්සලෙන් පලා යයි!

Next Post

කුඩු අංජු රටට ගෙනඑන කටයුතු අරඹයි…

Related Posts

සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026
සමාජ

මරණ ගණන 90 යි.. 100 ඉක්මවා යන බවට පුරෝකථන… චිනයේ පොළොව යට අඳුරේ මිය ගිය සිය ගණන් මිනිස්සුන්ගේ ඛේදනීය කතාව…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.