බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

2022 අවුරුදු 05ට අඩු දරුවන් අතර ළමා මන්ද පෝෂණය වැඩි දකුණු ආසියාවේ දෙවැනි රට! ඒ තමයි අපේ රට… නව මහ බැංකු වාර්තාව හෙළි කරයි!

ගෝඨා දුටු කාබනික හීනයේ මාරක ප්‍රතිඵල ටික ටික එළියට...

by editor
අප්‍රේල් 28, 2023
in පුවත්
malnutrition

Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද

අවුරුදු පහට අඩු දරුවන් අතර  උසට සරිලන බර නොමැති  දරුවන්ගේ ප්‍රතිශතය සැලකිමේ දි  ශ්‍රි ලංකාව  දකුණු ආසියානු කලාපය තුළ වඩාත් බලපැමට ලක්වු රටවල් අතර  දෙවන ස්ථානයට පත්ව ඇති බව ශ්‍රි ලංකා මහ බැංකුව විසින් 2022 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති වාර්ෂික වාර්තාවේ සඳහන් වේ.

ලෝක බැංකු සංඛ්‍යා ලේඛන වලට අනුව  2022 වර්ෂයේ දි මෙරට  ළමුන්ගේ පෝෂණ මට්ටම   පිරිහිමට ලක්ව ඇති බවද  එම වර්තාවේ දැක්වේ. 

2022 වර්ෂය තුළ මෙරට අවුරුදු පහට අඩු ළමුන් අතර  අඩුබර ළමුන්ගේ ප්‍රතිශතය  සියයට 15.3 දක්වා වැඩිවි ඇත. එය 2021 වර්ෂයේ දි  සියයට 12.2ක්ව පැවතුනි. මේ අතර 2022 වර්ෂය තුලදි අවුරුදු පහට අඩු ළමුන් අතර වයසට සරිලන උස නොමැති හා  උසට සරිලන බර නොමැති දරුවන්ගේ ප්‍රතිශතය පිළිවෙළින්  සියයට 9.2ක් සහ සියයට 10.1 දක්වා ඉහල ගොස් ඇති බවද මහ බැංකුව විසින් නිකුත්කොට ඇති වාර්ෂික වාර්තාවේ සදහන් වේ.

2021 වර්ෂය තුළ අවුරුදු පහට අඩු ළමුන් අතර වයසට සරිලන උස නොමැති දරුවන්ගේ ප්‍රතිශතය  සියයට 7.4කි. උසට සරිලන බර නොමැති දරුවන්ගේ ප්‍රතිශතය සියයට 8.2කි.

 ආර්ථික ගැටළු හේතුවෙන්  මෙරට ළමා මන්දපෝෂණ තත්වය වර්ධනය වි ඇති අතර  බොහෝ දිස්ත්‍රික්කවල ළමා මන්දපෝෂණ තත්වය අයහපත් ලෙස වර්ධනය වි ඇති බවද මහබැංකුව විසින් නිකුත්කොට ඇති වර්තාවේ සදහන් වේ. 

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

අවුරුදු පහට අඩු දරුවන් අතර  ඉහළම  අඩුබර ළමුන් ප්‍රතිශතය  වු සියයට 23.9 නුවරඑළිය දිස්ත්‍රික්කයෙන්  වාර්තාවේ. අඩුබර ළමුන්ගේ අඩුම ප්‍රතිශතය වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි .එය සියයට 9.8කි. 

ළමුන් අතර  වයසට සරිලන උස නොමැති  ළමුන්ගේ වැඩිම  ප්‍රතිශතයක් වාර්තාවන්නේ  නුවරඑළිය  දිස්ත්‍රික්කයෙන් වන අතර එය සියයට  22.8කි. එහි අඩුම ප්‍රතිශතය වන  සියයට 5.1 කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවේ. 

පෝෂණ විෂමතා මැඩලිම සදහා  එකාබද්ධ  උත්සාහයක් නොගතහොත්  ආර්ථික අර්බුදය හමුවේ මෙම විෂමතාවයන් තවදුරටත්  උග්‍රවනු ඇති බවද  මහබැංකුව විසින් නිකුත්කොට ඇති වාර්ෂිත වාර්තාවේ සදහන් වේ. 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දිවා ආහාරය වනවිට අයර්ලන්තය ලකුණු 121ට කඩුළු 05යි…

Next Post

වෙසක් ගිනි ගණන්…

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.