බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නිදහස් කරගැනීමේ ගාස්තු මහා භාණ්ඩාගාරයෙන් නිදහස් නොකිරීම නිසා නොමිලේ ලැබුණු බිලියන 39ක වෛද්‍ය උපකරණ රටට අහිමි වෙයි….

රජුන් මන දොල පිනවන්න බිලියන ගණන් වියදම් කරන රටක නිරුවත යළිත් හෙළි වෙයි... වෛද්‍ය උපකරණ ඉන්දියාව සහ අප්‍රකානු රටවල් අතර බෙදා හැරෙයි...

by editor
අප්‍රේල් 24, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                    

එංගලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ එකමුතුව වන සිල්වියා ලංකා පදනම ඇතුලු ස්වේච්ඡා සංවිධාන බෙහෙත් පෙත්තක් ගැනීමට නොහැකි තරමට බංකොලොත් වූ  මෙරටට ප්‍රදානය  කිරිමට තීරණ  කර තිබු  රුපියල් බිලියන 39ක  වෛද්‍ය උපකරණයන් රටට අහිමි වූ බවට කියැවෙන ඛේදවාචකයක්  බඳු පුවත    රෝහල් සේවා මණ්ඩලයේ ප්‍රධානී පූජ්‍ය රජවැල්ල සූභූති හිමියෝ  ලංකාසරට දැනුම් දුන්හ. .

රජවැල්ලේ සුභූති හිමි

එම උපකරණ තොගය ඉන්දියාව සහ අප්‍රිකානු රටවල් වෙත බෙදා හැර ඇති බව එම පදනම රෝහල් සේවා මණ්ඩලයට දැනුම් දුන් බවද උන් වහන්සේ කිහ. 

රුපියල් කෝටි 12ක්  පමණවන රැඳවුම්  ගාස්තු ගෙවා එම පරිත්‍යාගය මෙරටට ගෙන්වා ගැනීමට  සංවිධානය රටට ලබා දී තිබු කාලය ඉක්මවා යාම හේතුවෙන් මෙම වෛද්‍ය උපකරණ තොගය අපට අහිමි වී තිබිණි.

මෙම උපකරණ තොගය සංවිධානයක් වශයෙන්  මෙරටට ගෙන්වා ගැනීමේ දී කොළඹ වරායෙන් නිදහස් කරගැනීම සඳහා     බදු වශයෙන් ගෙවීමට සිදුවන අති මහත් මුදල අවම කරගැනීමට රජයේ සහය ඉල්ලා සිටි නමුත්      ඉන් පලක් නොවූ බවත් බිලියන 39ක උපකරණ වෙනුවෙන් රුපියල් කෝටි 12ක් සොයා දීමට රජය අපොහොසත් වූ  නිසා මේ අති මහත් සම්පත රටට අහිමි වූ බවත් උන් වහන්සේ පැවසුහ. 

මේ සම්බන්ධව රජය පාර්ශවයෙන් සිදුවූ ප්‍රතික්ෂේප වීම්  සමග මහජනතාවගේ සහාය ලබා ගන්නට කටයුතු කළත්  ද ඒ සදහා ජනතාව අතරට පණිවිඩය යාමට  ප්‍රමාණවත් කාලයක්  නොවු බැවින් අවශ්‍ය මුදල රැස්කර ගැනීමට නොහැකි විනැයි උන්වහන්සේ පැවසුහ, 

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජනාධිපතිවරයා සෞඛ්‍ය ඇමතිවරයා, මහභාණ්ඩාගාරයේ නිලධාරීන් හා සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් අතර ලිපි කීපයක් හුවමාරු වූ නමුත් ඉන් පලක් නොවූ බවද සූභූති මිහියෝ පැවසුහ.

මොනවද මේ වෛද්‍ය උපකරණ

මෙම පරිත්‍යාගයන් තුළ පවතින දැඩිසත්කාර ඒකක ඇඳන්, සේලයන් රදවනයන් සාමාන්‍ය ඇඳන් ඇතුළත් වෛද්‍ය උපකරණ රැසක්ම තිබුණ බවත් මේවා ලබා ගැනීමට රෝහල් ගණනාවක්ම බලා සිටිය බවත් මේ වන විට ඔවුන් ද සෞඛ්‍ය අමාත්‍යංශයේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් කළකිරීමටකට පත්ව සිටින බවත් වාර්තා වේ.   ‍

උතුරු නැගෙනහිර ඇතැම් රෝහල් අධ්‍යක්ෂවරු, පළාත් අධ්‍යක්ෂකවරු සිය පෞද්ගලික මුදල් වැය කර කොළඹට පැමිණ මෙම පරිත්‍යාගයේ අවශ්‍යතාව පෞද්ගලිකව තමාට පැවසුවේය යැයිද සුභූති හිමියෝ සඳහන් කළහ. 

කෙසේ නමුත් මෙම පරිත්‍යාගය පිලිබඳව සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරින්ට තබා සෞඛ්‍ය ඇමතිවරයාටහෝ නිසි අවබෝධයක් නොතිබුණ බැවින් මේ සා විශාල පරිත්‍යාගයක් අපගේ අසරණ රෝගී ජනතාවට මෙන්ම නිදහස් සෞඛ්‍ය සේවාවට අහිමි වූ බව උන්වහන්සේ  හෙළි  කළහ.

සිදුවී ඇති දේ

වාර්තා වන පරිදි කෙතරම් ඉල්ලීම් කළත්  මේ තරම් අසීරු අවස්ථාවක රුපියල් බිලියන 36ක සෞඛ්‍ය ආධාර සහිත ප්‍රදානයන් රටට ගෙන්වා ගැනීම සඳහා සෞඛ්‍ය අමාතයංශයේ විමධ්‍යගත අයවැයෙන්  මුදලක් වෙන් කර තිබී  නැත.  

සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිතයින්  සෞඛ්‍ය ඇමතිවරයා සමග මේ පිළිබඳව සාකච්ඡා කළ විට ඔහු පවසා ඇත්තේ ජනාධිපති කාර්යාලයෙන් මේ සම්බන්ධ ලිපියක් පැමිණ ඇති බවත් කෙසේ හෝ මෙම උපකරණ රට තුළට ගන්නා ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයෙන් උපදෙස් ලැබී ඇති බවත්ය.

සෞඛ්‍ය උපකරණ නිදහස් කර්‍ගැනීම සඳහා මෙම  මුදල ලබා ගැනීමට සෞඛ්‍ය අමාතයංශයේ ලේකම්වරයා ජනාධිපති කාර්යාල හරහා මුදල් අමාත්‍යංශයෙන් මුදල් ඉල්ලිය යුතු බවත් එම ඉල්ලීම   සිදුකර ඇති බවත් කෙසේ වෙතත් මෙම ප්‍රදානයන් රටට ගෙන්වා ගැනී සඳහා    කැබිනට් අනුමැතියක් ලබා ගත යුතු බවත් සෞඛ්‍ය ඇමතිවරයා දන්වා ඇත.

අවසානයේ දී  මෙම බිලියන 39ක වෛද්‍ය උපකරණ නිදහස් කරගැනීම සඳහා මහා භාණ්ඩාගාරයෙන්  රුපියල් කෝටි 12කට ආසන්න මුදල නිදහස් කර නැත.

අවසන් නිවේදන

මුලින්මි සිල්වියා පදනම විසින් අප්‍රේල් 04වනවිට භාණ්ඩ නිදහස් කරගන්නා ලෙස අවසන් නිවේදනයක් මාර්තු මුල නිකුත් කර තිබිණි. කොතෙක් උත්හාස කළ ද අප්‍රේල් 04වනවිට අදාල මුදල වෙන් කිරීමට භාණ්ඩාගාරය කටයුතු කර නැත. 

උත්සාහ අත් නොහල සිල්වියා පදනමේ ශ්‍රී ලංකා නියෝජිතයන් සංවිධානයෙන් තවත් සති දෙකක කාලයක් ඉල්ලා තිබේ. එම කාලය අප්‍රේල් 18 නිමා වී තිබිණි.  ජනතාවගෙන් මුදල් ඉල්ලාගෙන මෙම භාණ්ඩ රටට ගෙන්වා ගැනීමේ අභිලාෂයෙන්  ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මුදල් ලබා දෙන බවට හුවමාරුවන  ලිපියේ පිටපතක් සමග   අප්‍රේල් 17 වැනිදා තවත් කල් ඉල්ලමින් සිල්වියා පදනමට යැවූ ලිපිය ඔවුන් සලකා බලා නැත්තේ රජයෙන් හෝ වෙනත් ආයතනයකින් අදාල වරාය ගාස්තු ලබා දෙන බවට වූ කිසිම ලිඛිත සාක්ෂියක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකාව අසමත් වීම නිසා බව වාර්තා වේ. 

අවසානයේ දී එංගන්ත රජයේ ජාතික සෞඛ්‍ය සේවය විසින් ශ්‍රි ලංකා රජයට ප්‍රදානය කිරීම සඳහා පුරා මාසයයි සති තුනක් තිස්සේ රඳවාගෙන සිටි බිලියන 39ක් වටිනා නවීන සෞඛ්‍ය උපකරණ ප්‍රදානය ඊයේ (23) ඉල්ලීම් කර තිබූ  වෙනත් රටවල් සඳහා මුදා හැරීමට තීරණය කර ඇත.

මේ සිදුවීම්  පෙළ ගැසෙන්නේ බිලියන ගණන් වියදම් කර ජනරජ පෙරහර පවත්වන, මිලියන ගණන් වියදම් කර නිදහස් උත්සව  සහ අවුරුදු කෙළි රඟන රටක වීම විශේෂය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මැයි 09 ප්‍රචණ්ඩ ක්‍රියා පාලනයට ආයුධ පාවිච්චි නොකරන්නැයි ඉහළින් උපදෙස් දීලා!ඇමති ප්‍රසන්න කියයි

Next Post

ආනයනික බිත්තර බස්නාහිර පළාතට පමණක් වීම ප්‍රශ්නයක්… බේකරි හිමියෝ කියති!

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.