ලලිත් චාමින්ද –
හික්කඩුව තොටගමුව පාලම අසල මොලපු ඔය ඇළ මාර්ගයේ පාවෙමින් තිබියදි හමුවු රුසියානු ජාතික කාන්තාවගේ පශ්චාත් මරණ පරික්ෂණයේ දි සිරුරේ කොටස් වැඩිදුර පරික්ෂණ සදහා යොමුකොට මරණය සම්බන්දයෙන් විවෘත තින්දුවක් ලබාදි ඇති බැව් හික්කඩුව පොලිසිය පවසයි.
මියගිය විදේශිය කාන්තාවගේ පශ්චාත් මරණ පරික්ෂණය ඊයේ (17) ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි සි.ටි මහානාම විසින් සිදුකරණු ලැබිය.
මෙම විදේශිය කාන්තාවගේ දේහය ඥාතින්ට භාරදුන් බවද පොලිසිය පවසයි. රුසියානු ජාතික කාන්තාවගේ මරණය මිනිමැරුමක් නොවන බවට පශ්චාත් මරණ පරික්ෂණයේ දි තහවුරු වි ඇති බව ද පොලිසිය පවසයි.
රුසියානු ජාතික කාන්තාවගේ මළ සිරුර මොලපු ඔය ඇළ මාර්ගයේ පාවෙමින් තිබියදි ඉකුත් (08) .වැනිදින සොයාගෙන තිබුණි. මෙකි රුසියානු ජාතික කාන්තාව 35 හැවිරිදිවියේ පසුවන අතර ඇය මොලපු ඔය අසල ඇති විලා එකක තනිවම පදිංචිව සිට ඇති බව පොලිසිය පවසයි.
රුසියානු ජාතික කාන්තාව මිට මාස තුනහමාරකට පමණ ඉහතදි මෙරටට පැමිණ ඇත. ඇයගේ මළ සිරුර ඔයේ පාවෙමින් තිබෙනු දැක ධිවරයකු විසින් පොලිසියට දැනුම් දි තිබුණි..







