දිවුලපිටිය කොවිඩ් ආසාදිත කාන්තාව සේවය කළ යකහටුව බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවය කරන ලද සේවිකාවන් 69 දෙනෙකුට නව කොරෝනා වෛරයස ආසාදිත වී ඇති බව ඊයේ සිදුකළ පී.ආර්.සී. පරීක්ෂණ වලදී තහවුරු වි ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේය.
මේ බව නිවේදනය කළ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කීවේ මෙම 69 දෙනාගේ ආශ්‍රිතයන් සොයා විශේෂ පරීක්ෂණයක් දියත් කරන බවය.
එම ප්‍රතිඵළ ලැබී ඇත්තේ ඊයේ සිදුකළ පී.ආර්.සී පරීක්ෂණ 150ක ප්‍රතඵල මතය. මේ අනුව පී.ආර්.සී පරීක්ෂණවලින් අඩකට ආසන්න ප්‍රමාණයක් ආසාදිතයින් ගේ බව තහවුරු වී ඇත.
මේ වනවිට යකහටුව බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සියලුම සේවකයන් පී.ආර්.සී පරීක්ෂණ වලට යොමු කර තිබේ. කර්මාන්ත ශාලාවේ ප්‍රවාහන සෙවා මගින් මෙම සේකයින් කම්හල වෙත කඳවා ඇත. උණ රෝගයෙන් පෙළමින් සිටින සේවිකාවන් පිරිසක් ගම්පහ රෝහලට මාරු කර යවා ඇත.
මෙම කම්හලේ සේවකයින් 700කට අධික පිරසක් සේවය කරමින් ඇත. උණ හා හිස රදය ඇතුළු රෝග ලක්ෂණ සහිතව සිටිය දීත් සේවකයන් සේවයේ යෙදවීම සම්බන්ධව මේ වනවිට එම කම්හලේ පාලන අධිකාරිය වෙත චෝදනා එල්ල වෙමින් ඇතැයි වාර්තා වේ.