චීනයෙන් රේල් පීලි 10,000ක් ආනයනය කිරීමට ශ්‍රී ලංකාව තීරණය කර තිබේ.
ප්‍රවාහන අමාත්‍යාංශය පැවසුවේ, ආසියානු සංවර්ධන බැංකුව විසින් සපයනු ලබන අරමුදල් පහසුකම් යොදා ගනිමින් මෙම රේල් පීලි ආනයනය කරන බවය.
මැයි මස අවසන්වන විට එම රේල් පීලි දිවයිනට ලඟා වනු ඇතැයි ප්‍රවාහන අමාත්‍යාංශය පැවසුවේය.







