පසුගිය විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වියදම් ගැන සොයා බැලීමට ක්‍රීඩා ඇමතිවරයාගේ නියෝගයකින් සිදු කෙරුණු වෝහාරික විගණනයේ වාර්තාව විගණකාධිපතිවරයා, නීතිපතිවරයා හා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම අලුත් අවුරුද්දෙන් පසුව එළඹෙන සතියේදී සිදු කිරීමට නියමිතව ඇතැයි ලංකාසරට වාර්තා වේ.
විගණකාධිපතිවරයා විසින් පත් කරන ලද නිලධාරීන් සිව් දෙනකු විසින් පසුගිය මාසය පුරා ක්‍රිකට් ආයතනය තුළ සිදු කරන ලද විගණනයට අනුව සිදු වී ඇතැයි කියන දූෂණ හා මූල්‍ය අක්‍රමිකතා රැසක් හෙළි වී ඇතැයි වාර්තා වේ.
තරග නැරඹීම සඳහා නිල වශයෙන් හා නොනිල වශයෙන් ගිය පිරිසකට ගෙවන ලද ඩොලර් දීමනා, ගිය ඇතැමුන් තවමත් නොපැමිණ තිබීම්, නිළියන් දෙදෙනකු ඇතුළු ක්‍රිකට් වලට සම්බන්ධයක් නොමැති ඇතැමුන්ට වීසා හා ගුවන් ප්‍රවේශ පත්‍ර පිරිනැමීම් හා ඩොලර් දීමනා හා ප්‍රවේශ පත්‍ර රැගෙන ඕස්ට්‍රේලියාවට ගොස් ක්‍රීඩාංගණයකටවත් නොගොස් ඇති අය පිළිබඳවත් ඒ ඒ අයට මුදල් නිකුත් කර ඇති ආකාරය පිළිබඳවත් තොරතුරු රැසක් මෙයින් හෙළිදරව් වනු ඇතැයි වාර්තා වේ.







