ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර (ISB) ලෙස ශ්‍රි ලංකාව ලබා ගත් ණය නොගෙවීමට එරෙහිව ඇමෙරිකාවේ හැමිල්ටන් රිසර්ව් බැංකුව විසින් ශ්‍රි ලංකාවට එරෙහිව පවරන ලද නඩුව නිෂ්ප්‍රභ කරන්නැයි ශ්‍රී ලංකා රජය විසින් කරන ලද යෝජනාව එක්සත් ජනපද දිස්ත්‍රික් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇත.

එක්සත් ජනපද දිස්ත්‍රික් විනිසුරු ඩෙනිස් එල්, කෝට් විසින් පසුගිය මාර්තු මාසයේ දී එම තීන්දුව ප්‍රකාශ කරමින් සඳහන් කර ඇත්තේ ඇමෙරිකානු ඩොලර් මිලියන 250කට ආසනන් ණය මුදලක් පැහැර හැරීම ට එරෙහිව ගොනු කරන ලද නඩුව ප්‍රතික්ෂේප කරනු වස් ශ්‍රි ලංකා රජය විසින් ඉදිරිපත් කරන ලද තර්ක කිසිසෙත් නොගැලපෙන බවයි.
හැමිල්ටන් රිසර්ව් බැංකුව ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරන ලද බැඳුම්කරවල වාසිදායක හිමිකරු වෙයි. දැනට ආර්ථික හා මානුෂීය අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රි ලංකාව පසුගිය වසරේ සිය විදේශ ණය ගෙවීම් පැහැර හැරීමත් සමඟ මෙම බැංකුව සිය ගිවිසුම් උල්ලංඝනය කිරීම ට එරෙහිව සිය මූලික මුදල සහ පොලිය අය කර ගැනීමට අධිකරණයට යෑමට පියවර ගත්තේය.
මෙම බැඳුම්කර කල් පිරුණේ 2022 ජූලි 25 වැනිදාය. හැමිල්ටන් රිසව් බැංකුව චෝදනා කළේ, ශ්‍රී ලංකාව පැහැර හැරීමේ ප්‍රතිඵලයක් වශයෙන්, ප්‍රතිපත්තිමය වශයෙන් ඩොලර් මිලියන 250.19 ක් සහ උපචිත පොලී වශයෙන් ඩොලර් මිලියන 7.349 ක් ණය වී ඇති බවයි.
ඒ අනුව ශ්‍රි ලංකාව ණය ගෙවීම් පැහැර හරින බවට නිවේදනය කිරීමත් සමඟ හැමිල්ටන් රිසව් බැංකුව 2022 ජූනි 21 දින අධිකරණමය පියවරක් ගත්තේය.
ඉන් පසුව සැප්තැම්බර් 21 වන දින ශ්‍රී ලංකාව පැමිණිල්ල ප්‍රතික්ෂේප කිරීමට මෝසමක් ගොනු කරන ලදී.







