ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය අතර පවතින හිත් නොහඳකම් වර්ධනය වීමේ තවත් ප්‍රතිපලයක් ලෙස මහාද්වීප අතර අත්ර්ජාල සේවා සහ දත්ත රැගෙන යන මුහුදු පතුලේ ස්ථාපති කේබල් පද්ධති ඉදිරිකිරීමේ කටයුතු වලින් චීන සමාගම් ඉවත් කිරීමට එක්සත් ජනපදය පියවරගෙන තිබේ.
ඒ අනුව මෙම නව කේබල් පද්ධති ඉදිරිකිරීමේ කටයුතු වලදී හොංකොං මඟ හැරීමටත් කේබල් ස්ථාපනය කිරීමේ තාක්ෂණයේ ප්‍රමුඛයින් වන චීන සමාගම් එම ක්‍රියාවෙන් ඉවත් කිරීමටත් පියවරගෙන ඇති බවට නවතම වාර්තා මගින් අනාවරණය වේ. මුහුදු යට අන්තර්ජාල සේවා සපයනකේබල් ඇතිරිමේ නිතර ඇමරිකානු සමාගමක් වන සබ්කෝම් එල් එල් සී සමාගම අග්නිදිග ආසියාවල මැදපෙරදිග-බටහිර යුරෝපය සම්බන්ධ කරන සීමීවී 6 කොන්ත්රතුව ලබා ගැනීමට සමත්ව ඇත.
එහිදී මුහුුදු පතුලේ අන්තර්ජාල කේබල් ඇතිරීමේ ප්රමුඛයෙකු වන චීනයේ හුවාවේ ටෙක්නොලොජීස් හට මෙම කොන්ත්රතුව නොලැබීමේ හේතුව තවමත් අනාවරණය කර ගැනීමට නොහැකි වී ඇති බවටද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
පසුගිය වසර හතර පුරා, චීන කොන්ත්‍රාත්කරුවන් භාවිතා කිරීමෙන් වළකින ලෙස කේබල් ආයෝජකයින්ගෙන් ඉල්ලා සිටීමෙන් හෝ තායිවානයට ඔවුන්ගේ නව කේබල් නැවත මාර්ගගත කරන ලෙස එක්සත් ජනපද තාක්ෂණ සමාගම් වලින් සිටීමෙන්, ආසියා-පැසිෆික් කලාපයේ සිදුවූ පුද්ගලික මුහුද පතුලේ අන්තර්ජලා සහ සන්නිවේදන කටයුතු සඳහ කේබල් පද්ධති ස්ථාපිත කිරීමේ ගනුදෙනු හයකටවත් මැදිහත් වී ඇත. එහිදී එක්සත් ජනපදයේ මැදිහත්වීම් හේතුවෙන් හුවාවේ සමාගමට හිමිවීමට තිබූ ව්‍යාපෘති කීපයක්ම අහිමි වී ඇති බවටද මෙහිදී අනාවරණය වේ.







