බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ විනිවිද

පෙති අහිමි මල් පවා සුවඳ විහිදුවයි…

by editor
ඔක්තෝබර් 3, 2020
in විනිවිද
Happy family moments - Mother and child have a fun.

Happy family moments - Mother and child have a fun.

Share on FacebookShare on Twitter

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

එෂාමා කාරියකරවන –ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකා –

දරුවන්ට ආදරය නොහිතෙන හදවතක් තිබිය නොහැකිය. දරුවෝ එතරම්ම ආදරබරය. එහෙත් අප ආදරය දෙන්නට දරුවන් අතරින් සුදු, මහත ලස්සන බෝල බබාලා සොයන්නේ නම් අපගේ ආදරයේ කිසියම් අසාමාන්‍ය තත්වයක් තිබේ. ලෝකයේ සර්ව සමාන කිසිවක් නැත. ඇත්තේ සමාන බවක් පමණි. දරුවන් විෂයෙහි ද එය එසේමය. එසේ නම් අපේ ආදරය වර්ග කළ යුතුද?

වර්තමාන ලෝකයේ විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ වර්ධනයක් ඇතැයි පෙනෙන මුත් එයට තවමත් නිශ්චිත හේතුවක් සොයා ගෙන නැත. සමහර විට අද මවුපියන් තමන්ගේ එවැනි දරුවන් සමාජගත කරන්නට කරන උත්සහය නිසා ඔවුන්ගේ ගැවසීම සුලබ  වීම මෙසේ පෙනෙන්නට හේතුවක් විය හැකිය. විශේෂ අවශ්‍යතා ඇති දරුවන් යනු කවුරුද?.විශේෂ අවශ්‍යතා ඇති දරුවන් යනු සාමාන්‍ය මට්ටම යැයි පිළිගන්නා කායික මානසික බුද්ධිමය ප්‍රමිතීන්ට වඩා පහළ හෝ වඩා ඉහළ හෝ දරුවන්ය. උදාහරණ ලෙස දරුවකුගේ පංති කාමරයක සිටීමට අවශ්‍ය සාමාන්‍ය බුද්ධිඵලය ලෙස මනෝ විද්‍යාඥයින් හඳුන්වන්නේ 70 -130 අතර බුද්ධි ඵලය ඇති දරුවන්ය. එහිදී 130 යනු සුභග දරුවන් වේ. ඔවුන්ගේ බුද්ධි ඵලය ඉතා ඉහළය. සාමාන්‍ය මට්ටමක (100 ලෙස සැලකේ) දරුවන්ට වඩා ඔවුන්ගේ තර්කනය, චින්තනය, භාෂා ඥානය, සංඛ්‍යා ඥානය අවබෝධය ඉතා ඉහළය. තේරුම් ගැනීම වේගවත්ය. මෙම දරුවන් දෙවන වසරේ උගන්නා විට බුද්ධි මට්ටම හතර වසරේ දරුවකුට සමානය.

එසේම සාමාන්‍ය මට්ටමට අඩු අයගේ තර්කනය, චින්තනය, භාෂා සහ ගණිත ඥානය අඩුය. ඔවුන්ගේ ඉගෙනීම සිදුවන්නේ සෙමින්ය. මෙකී දෙයාකාරයේම සිසුන් විශේෂ අවශ්‍යතා ඇති සිසුන් වේ.

එයට අමතරව අංග සම්පූර්ණ නොවූ අවයව සහිතව, පංච ඉන්ද්‍රියන් සහිතව, දරුවෝ මේ සමාජයේ වෙසෙති. අන්ධ, ගොළු, බිහිරි දරුවෝ මෙන්ම ඇවිදීමට නොහැකි, අතපය නිසියාකාරව හැසිරවීමට නොහැකි දරුවෝද ආදි විවිධ අබල දුබලතාවන්ට ලක්වූ දරුවෝ සමාජයේ වෙසෙති. මේ සෑම දෙනාටම අප මහත සුදු බෝල බබාලාට දක්වන සෙනෙහස දැක්වීමට උත්සහ කළ යුතුය. මේ ලිපියෙන් මා කතා කරන්නේ එබඳු අඩුපාඩු සහිතව මෙලොව වෙසෙන අපේම දරුවන් ගැනය.

මව්පියනි මේ ලිපිය ලියන්නේ එවන් දරුවන් වෙනුවෙනි. එවන් දරුවන් සිටින මව්පියන් වෙනුවෙනි.ඔබගේ දරුවගේ බුද්ධි මට්ටම ඔබ පළමුවෙන් වටහා ගත යුතු වෙයි. එසේ නොමැති වුවහොත් ඔබගේ අධිකතර ආශාවන් හා බලාපොරොත්තු ඒ දරුවා මත පැටවීම ඔබ සිදු කරනු ඇත. ඔහුට එය ඉටුකරගැනීමට නොහැකි වූ විට ඔබ මෙන්ම ඔහුත් පීඩා විඳිනු ඇත. හිතන්න බුද්ධිඵලය 130 ක දරුවකු පෙන්වන දක්ෂතා බුද්ධී ඵලය 70 ක දරුවකුට නොව 100 ක් ඇති දරුවකුට පවා කිරීමට නුපුළුවන. එය ඔබ වටහා ගෙන දරුවාගේ බුද්ධියට ගැලපෙන ඉලක්ක ලබාදිම කලහොත් ඒ මට්ටමේ සිටින දරුවන් අතුරෙන් හොඳම දරුවකු ලෙස ඔබේ දරුවා ඔසවා තැබීමට ඔබට හැකිවනු ඇත.

මා වෙත පැමිණි දරුවකුගේ ප්‍රගති වාර්තාව ඔහුගේ මව මට පෙන්වූවාය. ඔහු පංතියේ විසි පස් වැනියාය. ගණිතයට ලකුණූ 10කි. භාෂාවට 24කි විද්‍යාවට 37කි. නමුත් ඔහුගේ මව ඔහුගෙන් අනාගත දොස්තර කෙනෙකු අපේක්ෂා කරයි. එය කිසිසේත්ම ඔහුට කළ නොහැකිය. ඔහු 10 වසරේ සිටියත් ඒ වසරට ප්‍රමාණවත් දැනුම ඔහු වෙත නොතිබුනි. මව ඔහුට දැනුම ලබා දෙන්නට විශාල මුදලක් අමතර පංති සදහා වියදම් කරයි. එහෙත් වෙනසක් නැත. මේ නිසා නිතර නිතර මවුපියන්ගේ දොස්වලට ලක්වීමට සිදුවීම නිසා දරුවා පීඩාවට පත්ව සිටි අතර මව සිටියේද පීඩාවෙනි. උපදේශනයේදී මවට දරුවාගේ තත්වය පහදා දුන්නෙමි. දරුවාට කළ හැකි නොහැකි දේ පිළිබඳව මව දැනුවත් වූවාය. සාමාන්‍ය පෙළ විභාගයේදී ඔහු සමත් වූයේ විෂයන් තුනක් පමණි. මව ඔහු සමග කතා බහ කොට ඔහු ඉතා ප්‍රිය කළ සුපවේදය උගන්වන පාඨමාලාවකට දැමුවාය. අද ඔහු දකුණු පළාතේ ප්‍රසිද්ධ හෝටලක ආධුනික සූපවේදියකු ලෙස සතුටින් රැකියාවක යෙදෙයි. මේ සමානම සිද්ධීයක දරුවකු අද ලන්ඩන් නුවර කීර්තිමත් හෝටලයක ප්‍රධාන සූපවේදියකු ලෙස කටයුතු කරමින් සිටී. ඹහු මෙරට පැමිණි විට තරු පහේ හෝටල් ඔහු පිළිබඳ දක්වන සැලකිල්ල ගරුත්වය ඉතාම ඉහළය.  එහිදී නම් ඔහුගේ ඉතාම බුද්ධිමත් මව දරුවාට පීඩා නොදී ඔහු කැමති ක්ෂේත්‍රයට යෑමට ඉඩ සලසා දුන්නාය. අපගේ එක් පහන් සිතුවිල්ලකින් දරුවෝ සුවපත් වෙති.

එසේම විකලාංග සහිතව ඉපදුනු දරුවෝ ඉගෙනීමේ අදක්ෂ දරුවෝ නොවෙති. සමහර දරුවෝ ඉතා ඉහළ බුද්ධි මට්ටම් ඇති අය වෙති. නොබෝදා ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලැබූ විද්‍යාර්ථයා දිනපතාම මව විසින් වඩාගෙන ගොස් විශ්ව විද්‍යාලයේ වාඩි කල තරුණයෙකු විය. එමනිසා දෙමව්පියන්වන අපගේ අවබෝධය දරුවන්ගේ අනාගත අභිවෘද්ධියට හේතු වන බව සිතා තම දරුවා පිළිබඳව නිශ්චිත තක්සේරුවක සිටීමට මව් පියන් උත්සහ ගත යුතුය.

නිදසුන් ලෙස 

උපතින් හෝ පසුව ඇතිවූ තත්වයකින් හෝ කකුල නොන්ඩි ගසමින් ඇවිදින දරුවකුට කෙලින් ඇවිදින ලෙස අප බලකර සිටියහොත් එය කීරීමට නොහැකි නිසා ඔහුත්,  එය ඔහු නොකරන නිසා අපිත් පීඩාවට පත්වන්නෙමු. එසේ නම් අප කළ යුත්තේ කුමක්ද ?. අප කළ යුත්තේ ඔහුගේ නොන්ඩි ගැසීම බාර ගැනීමය. ඔහු ඇවිදින ආකාරය පිළිගැනීමය. එයින් ඔහුත් අපත් මානසිකව සුවයක් ලබනු ඇත. වඩා වැදගත් වන්නේ නොන්ඩි ගසමින් හෝ දරුවා ඇවිදීම නොවේද?.එමනිසා ඔබගේ දරුවා කායික, මානසික වශයෙන් විශේෂ අවශ්‍යතා සහිත දරුවකු නම් ඔහු නිසා ඔබට සමාජයට මුහුණ දිය නොහැකි ලැජ්ජාවක් ඇති විනැයි සිතා ඔහුව කොන් නොකරන්න. ඔහුද අන් දරුවන් මෙන්ම ආදරයට පිළිගැනීමට ආරක්ෂාවට බඳුන් විය යුතුමය. සමාන අයිතීන් ඇතිව ජීවත්විය යුතුමය. හැකි තරම් ඔහුට ජීවන මගේ සාර්ථකත්වයට ළංවීමට ඔබගේ සහය ලබාදෙන්න. ඔහුගේ හැකියාවන්ට ගැලපෙන ප්‍රමාණයේ ඉලක්ක පමණක් ලබාදෙන්න. පවුලේ ඔහුට හිමි නිසි ගරුත්වය සහ ස්ථානය ලබා දෙන්න. එය ඔහුගේ අභිමානය වර්ධනයට රුකුලක් වෙයි.

එසේම කායික මානසික දුබලතා තිබුණද නිසි වයසේදී දරුවකුට ඇතිවන දේහ විද්‍යාත්මක සහ ජීව විද්‍යාත්මක විපර්යාසයන්ට ඔහු යටත් බව අවබෝධ කරගන්න. ඒ පිළිබදව වැරදි ඇසින් නොබලන්න. එම දරුවන්ටද ලිංගික හැගීම්, විරුද්ධ ලිංගික ආකර්ෂණය ඇතිවන බව සිතා නිසි කල්හි නිසි උපදෙස් ඇතිව නිසි මාර්ගවලට යොමු කරන්න. එසේම බුද්ධිඵලය 70 ට අඩු දරුවන් නිරන්තර පුහුණුවක යෙදවීමෙන් ඔහුගේ ස්වාධීනත්වය සාධනීය මට්ටමකින් වර්ධනය කළ හැකිය. මෙම මන්ද මානසික දරුවෝ අත්කම් නිර්මාණයන් කිරීමේ අති දක්ෂයෝ වෙති. සමහරු පරිගණක තාක්ෂණයෙන්ද දස්කම් දක්වා ඇත.ඔබ නැති කලෙක ජීවත්විය හැකි සේ ඔහු ස්වාධීන කරන්න. පවුලේ සහ සමාජයේ විවිධ අවස්ථාවන්ට ඔහුත් සහභාගිවීම අවශ්‍ය වෙයි. ඒ සඳහා අනිවාර්යයෙන් රැගෙන යන්න. අනිත් අය ඉවත ලන ඇදුම් පැළදුම් නොව අලුත් ඇඳුම් ඔහු වෙනුවෙන්ද මිල දී ගන්න. මලක පෙත්තක් දෙකක් අඩු වූවත් සුවඳින් අඩු නැති බව මතක තබා ගන්න.

ඔහු ගන්නා සෑම හොඳ උත්සහයක්ම අගය කරන්න. ඔහුගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින්න. හැකි තරම් සාමානය පරිසරයට විවෘත කර හදාවඩා ගන්න. මිතුරු සමාගම් ඔහුට ඇති කර දෙන්න. ගුණදහම් පින්දහම් ඔහුගේ ජීවිතයට ඇතුලු කරන්න.

ඔබට පාරමිතාවක් සම්පූර්ණ කිරීමට හැකිවනු පිණිස ඔහු ඔබ වෙත පැමිණි බව සිතා ඉවසීම, කැපවීම, පරිත්‍යාගය සහ නිසි ආදරය පෙන්වා ඔහුව ගොඩ නගන්න. ලෝකයට ඉතා විශිෂ්ට දේවල් ප්‍රදානය කළ මිනිසුන් අතර විශේෂ අවශ්‍යතා ඇති දරුවන් වූ බව මතක තබා ගන්න.

ලෝක පූජිත විද්‍යාඥයකු වූ ස්ටීවන් හෝකින්ස් දෙස බලන්න. ඔහු ලොවට කරන මහා මෙහෙවර බලන්න. එසේම ඇල්බට් අයින්ස්ටයින් නම් ශ්‍රේෂ්ඨ විද්‍යාඥයා ඩිස්ලෙක්ෂියා නම් වූ රෝගයකින් පෙළුන බව ඔබ දන්නවාද?. එහෙත් ඔහුගෙන් ලොවට වූ සේවය මිළ කළ හැකිද?

මව්පිය වරුනි, අද ඔබ තුරුලේ සිටින්නා වූ විශේෂ අවශ්‍යතා සහිත දරුපැටියා හෙට ලෝකය ආලෝකමත් කරන නිමැවුමක හිමි කාරයෙක් විය හැකිය. එසේ නොවුනත් ලෝකයට බරක් නොවී ඔහු ජීවත් වුවහොත් එයම ප්‍රමාණවත් නොවේද?. ඒ නිසා ඔබ ඔහු වෙනුවෙන් කැප වෙන්න. ඔහු ඔහුගේ උපරිමයට ළඟා වී ඔබේ කැපවීමට උපහාර දක්වනු ඇත.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කඩා වැටුණු නුවර නිවසේ සුන්බුන් ඉවත් කිරීමටත් ලක්ෂ 28ක වියදමක්

Next Post

කොරෝනා සුවවෙන්න ට්‍රම්ප්ට තවම අත්හදා බලන ඖෂධයක අධිමාත්‍රාවක් දෙයි

Related Posts

විනිවිද

සිය දිවි නසා ගැනීමේ මනෝභාවය සහිත පුද්ගලයෙක් සම්බන්ධව උපදේශකවරයෙකුගේ වගකීම!

සැප්තැම්බර් 15, 2024 - Updated on අප්‍රේල් 9, 2025
පුවත්

මානුෂික ගැටලු විද්‍යාත්මකව අරුත් ගැන්වීමේ දී ඔලිම්පික් කමිටුවට මේ තරමට වැරදිය හැකි ද?.

අගෝස්තු 3, 2024
විනිවිද

ස්තුතියි ගරු විදුහල්පති තුමනි!

ජූනි 7, 2024

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.