දිනසේන රතුගමගේ –
දෙමළ දේශපාලන සිරකරුවකු වශයෙන් වසර විසිතුනක් බන්ධනාගාර ගතව සිටි පුද්ගලයෙකු ජනාධිපතිවරයාගේ පොදු සමාව යටතේ නිදහස් වී ගමට පැමිණ දින හතකින් විවාහ දිවියට ඇතුළත් වී තිබේ.

වවුනියාවේ පදිංචි ශක්තිවේල් ඉලංගේශ්වරන් නැමති අය මෙසේ විවාහ දිවියට ඇතුළත්ව ඇති අතර ඔහුගේ විවාහය සදහා ආරාධනයකින් තොරව විශාල පිරිසක් මංගල පෙරහැරට සහභාගී වීමට පැමිණ තිබේ.
මේ පුද්ගලයා දේශපාලන සිරකරුවකු වශයෙන් බන්ධනාගාර ගත වීමට පෙර ඇති කරගෙන තිබූ ප්‍රේම සම්බන්ධතාවයේ ආදරවන්තිය ඔහු නිදහස ලබා පැමිණෙන තුරු බලා සිට ඇති අතර ඔහු නිදහස් වී පැමිණි වහාම ඇයව විවාහ කරගෙන තිබේ.







