බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හරක් කටා සහ කුඩු සළිඳු මැඩගස්කරයේ දී කොටු වෙති…

by editor
මාර්තු 7, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

විදේශගතව සිට ශ්‍රි ලංකාවේ මත් කුඩු ජාවාරම මෙහෙයවන ප්‍රබලතම ජාවාරම්කාරයින් දෙදෙනකු වන හරක් කටා හෙවත්  නදුන් චින්තක වික්‍රමරත්න  සහ කුඩු සළිඳු ලෙසින් හඳුන්වන  සළිඳු ගුණරත්න මේ වනවිට මැඩගස්කරයේදී අත්අඩංගුවට පත්ව ඇති බව එරට වාර්තා සඳහන් කරයි.

ජාත්‍යන්තර පොලිසිය හරහා සිදු කර ඇති රතු නිවේදනයකට අනුව ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ සමඟ  ශ්‍රි ලාංකිකයන් පස් දෙනකු ඇතුළු අට දෙනකුද අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ.

මෙම පිරිස අතර හරක් කටාගේ බිරිය බව කියන මැඩගස්කරයේ මැලගාසි ජාතික කාන්තාවක සහ ඇගේ පියාද සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි.

එම වාර්තාවලට අනුව එරට ආරක්ෂක අංශ විසින් පසුගිය මාර්තු  01 වෙනිදා  මැඩගස්කරයේ ඉවාටෝ  ජාත්‍යන්තර ගුවන්තොටුපොලේදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

පසුගිය පෙබරවාරි මාසයේදී  මැඩගස්කරයට පැමිණ ඇති ඔවුන් යළි එරටින් පිටවන්නට ගුවන් තොටුපළට පැමිණි අවස්ථාවේදී මෙසේ අත්අඩංගුවට පත්ව ඇත.

ව්‍යාපාරික සංචාරයකට පැමිණි සුපිරි ව්‍යාපාරිකයකු සේ පෙනි සිට ඇති හරක් කටා අත්අඩංගුවට පත්වන විට නිල් පැහැ යුරෝපීය ඇඳුමකින් සැරසී සිට ඇති අතර සෙසු කණ්ඩායම ඔහුගේ ආරක්ෂකයන් සහ ආවතේවකරුවන් ලෙස කටයුතු කරන ආකාරයක් පැවති බව සඳහන් වේ.

මෙම  වාර්තාවලට අනුව හරක් කටා ඇතුළු 05 දෙනෙක් පසුගිය පෙබරවාරි 12 වෙනිදා එරටට පෞද්ගලික ජෙට් යානයකින් පැමිණ ඇති අතර පසුදින මේ අය අභ්‍යන්තර ගුවන් යානයකින් එරට ඇන්ටනානාරිවෝ ගුවන්තොටුපොලට පැමිණ ඇති බවද එහි සඳහන්ය.

ජාත්‍යන්තර පොලීසියේ රතු නිවේදනයට අනුව  මැඩගස්කර ආරක්ෂක අංශ විසින් පැහැදිලිවම හදුනාගෙන ඇත්තේ හරක් කටා පමණි. එහෙත්  ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් සමඟ තවත් ප්‍රබල මත් ජාවාරම්කරුවකු වන කුඩු සළිදු ද සිටින බවට අනාවරණය කරගෙන තිබේ.

ඔහු හරක්  කටාගේ  ප්‍රධානන ආරකෂකයා ලෙස ක්‍රියා කර ඇති බවද මෙහිදී අනාවරණය වී ඇත.

මැඩගස්කර්  වාර්තාවලට අනුව ඔවුන් සමඟ පැමිණි හරක් කටාගේ බිරිඳ  බව කියන මැඩගස්කර් ජාතික කාන්තාව සතු ව තිබූමැඩගස්කර් මුදල් ඒකකය වූ    ඇරියාරි බිලියන 32ක මුදලක්ද  මෙම පිරිස පැමිණි සුඛෝපභෝගී වාහන දෙක සහ  සැකකරුවන්ගේ  ජංගම දුරකථන ආරක්ෂක අංශ භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත්  මුදල් රාජසන්තක කළ බවද  සඳහන් වේ. මෙම පිරිස ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට නියමිත බවද එම මාධ්‍ය වාර්තාවල සඳහන්ය.

2022 වසරේ  අගෝස්තු 11 වැනිදා   ඩුබායි සිට මලයාසියාව බලා යාමට ගුවන් තොටුපොලට පැමිණි අවස්ථාවේදී ද හරක් කටා අත්අඩංගුවට ගැනුණු අතර එයද සිදුවූයේ ජාත්‍යන්තර පොලිස් රතු නිවේදනයකට අනුවය.

එම අවස්ථාවේදීද ඔහු සමඟ කුඩු සලිදු සිටියේය. කෙසේ වුවද  එවර ඔවුන්  මෙරටට ගෙන්වා  ගැනීමට  අවශ්‍ය වූ නීතිමය කරුණු නිසි ලෙස සම්පූර්ණ කිරීමට නොහැකි වූ අතර ඔවුන් නිදහස් කිරීමට  ඩුබායි පොලීසිය කටයුතු කළේය

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

විදුලි බල මණ්ඩලයට පමණක් නොවෙයි… සමස්ථ විදුලිබල ක්ෂේත්‍රයම ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතුයි – විදුලි ඉංජිනේරුවෝ කියති!

Next Post

හිරු අයිතිකරු රෙනෝ සම්පත් බැංකුවේ අයිතියෙන් සියයට 6ක් ගනී!

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.