ලෝක සම්භාවනාවට පත් ශ්‍රී ලංකා කායවර්ධන ක්‍රීඩක ලුෂන් පුෂ්පරාජ් ඇමරිකාවේ ඔහියෝ ප්‍රාන්තයේ කොලොම්බස්හි පැවති ලෝක ප්‍රකට “ආර්නොල්ඩ් ක්ලැසික්” අන්තර්ජාතික කායවර්ධන තරගයේ දී 4වන ස්ථානය දිනාගැනීමට සමත් වී ඇත.
ලූෂන් පුෂ්පරාජ් ඔහියෝහි පැවති ශූරතාවලියේ දී ‘සුපර් හෙවිවේට්’ කාණ්ඩයෙන් තරග වැදුණි.
පුෂ්පරාජ්, “ආර්නෝල්ඩ් ක්ලැසික්” කායවර්ධන තරගය සඳහා සුදුසුකම් ලැබූ එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වූ අතර 2022 වසරේ දී ද තරග වැදුණු ඔහු සිව්වැනි ස්ථානයට පත්විය.
2012 වසරේ සිට මිස්ටර් ශ්‍රී ලංකා කිරුළ දිනූ පුෂ්පරාජ් ආසියානු හා ගෝලීය මට්ටමේ තරගාවලි ගණනකින් ජයග්‍රහණ වාර්තා කළ ක්‍රීඩකයෙකි.
ආර්නෝල්ඩ් ක්‍රීඩා උළෙල ලෝකයේ විශාලතම බහු-ක්‍රීඩා ඉසව්වලින් එකක් එකකි. එම ක්‍රීඩා උළෙල සඳහා රටවල් 80කට වැඩි සංඛ්‍යාවකින් ක්‍රීඩ ක්‍රීඩිකාවන් දස දහසක්, සහ ක්‍රීඩා ලෝලීන් ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් කොලොම්බස් නගරයට එක් වෙති.
මෙම ක්‍රීඩා උළෙල නම් කර ඇත්තේ මෙම ක්‍රීඩා උළෙලේ සම නිශ්පාදකයෙක් ලෙස කටයුතු කරන පත් වූ ජනප්‍රිය කාය වර්ධන ශිල්පීයෙක් ලෙස ප්‍රකට වී පසුව හොලිවුඩ් තරුවක් බවට පත්ව අනතුරුව දේශපාලකයෙක් වූ ආර්නෝල්ඩ් ෂ්වාස්නෙගර් ගේ නමිනි.
ආර්නෝල්ඩ් ක්‍රීඩා උළෙල බර ඉසිලීම, කායවර්ධන, ශක්තිමත්ම මිනිසා තේරීමේ තරඟ, සටන් කලා සහ ජිම්නාස්ටික් ඇතුළු යෝග්‍යතා ප්‍රවණතා ප්‍රදර්ශනය කරන තරග රැසකින් සමන්විතය.
2023 ආර්නෝල්ඩ් ක්‍රීඩා උළෙල 2023 මාර්තු 2 සිට 5 දක්වා පැවැත්වේ.
මෙම ක්‍රීඩා සැනකෙළිය මේ වසරේ වසරේ පවත්වන්නේ 35 වැනි වරටය.







