පුරා දින 14ක් ගුහාවක් තුළ සිරවී සිටි ළමා පාපන්දු කණ්ඩායම බේරාගත් සිදුවිම ඔබට අමත වන්නට කාරණාවක් නැත. වර්ෂ 2018 දී ලෝක අවධානයට ලක් වූ ඒ විශිෂ්ට මානුෂීය මෙහෙයුම නෙෆිලික්ස් හි කතා මාලාවකට නන්වා තිබිණි.
තායිලන්තයේ චියැං රායි පළාතේ ගුහා ගවේෂණයක නිරත වුණු තායි පාපන්දු කණ්ඩායමක ක්‍රීඩා කළ අවුරුදු 1 1 සිට 16 දක්වා වයස්ක ඛාණ්ඩයේ දරුවන් 12 ක් සහ පුහුණුකරු අනපේක්ෂිත අයුරුන් ගුහාව තුළ සිරවූ ආකාරයත්, ඔවුන් බේරා ගැනීමට ලෝකයේ දියත් කළ අපහසුම සහ විශිෂ්ටම මානුෂික මෙහෙයුමක් දියත් කළ ආකාරයත් ලෝකයේ මානුෂික විචිත්‍රත්වය රූපණය කළ සිදුවීමක් විය.
ඒ ළමා පාපන්දු කණ්ඩායේම නායකයාව සිටියේ දුඅන්පෙට්ච් ප්රෝම්තේප් (Duangpetch Promthep) ය. පිරිමි ළමයින් ගුහාවෙන් සොයා ගැනීමෙන් පසු කිමිදුම්කරුවෙකුගේ ආලෝකයට හසු වූ ඔහුගේ සිහින් නමුත් සිනාමුසු මුහුණ ගලවා ගැනීමේ මෙහෙයුම් අමතක නොවන ඡායාරූපවලින් එකක් වූයේය. ඒ වනවිට ඔහු 12 හැවිරිදිය.
එහෙත් ජීවිතය යනු පුදුමාකාර දෙයකි. දුඅන්පෙට්ච් මිය ගිය බව අද ජාත්‍යාන්තර මාධ්‍ය වාර්තා කළේය.
පාපන්දු ලෝකයේ ලබා ඉහළම සිහිනය දකිමින් සිටි දුඅන්පෙට්ච් පසුගිය වසරේ අගෝස්තු මාසයේදී, එක්සත් රාජධානියේ ලෙක්ස්ටෂෙයර් ප්‍රාන්තයේ Brooke House College Football Academy හා සම්බන්ධ වීමට ශිෂ්‍යත්වයක් දිනාගෙන තිබිණි.
පසුගිය ඉරිදා ඔහු ඔහුගේ නේවාසිකාගාරයේ සිහිසුන්ව සිටියදී හමුවී තිබිණි. අනතුරුව වහාම ඔහුව රෝහල් ගත කර තිබේ. දින තුනක් තිස්සේ ප්‍රතිකාර ලබමින් සිටි දුඅන්පෙට්ච් අද දහවල් මිය ගිය බව වාර්තා විය.
පාපන්දු සිහිනයේ උත්කර්ෂය ගැන උදම් අනමින් සිටි ඔහුගේ ආදරණීය මිතුරුකැළ ඉන් යන්තම් මාස හයකට පසු තම මිතුරා අහිමි වීම ගැන වැලපෙති.
මේ දිගුවෙන් එම කතාව කියවන්න….







