ආංශික අධීක්ෂණ කාරක සභා අත්හිටුවීමට අද (24) සභානායක දිනේශ් ගුණවර්ධන විසින් ගෙනා යෝජනාව විපක්ෂයේ විරෝධතා මැද පාර්ලිමේන්තුවේ දී සම්මත විය.
ආංශික අධීක්ෂණ කාරක සභාවලට මන්ත්‍රීවරුන් පත්කරන තෙක් එම කාරක සභා අත් හිටුවීමට කෙරෙන යෝජනාව ඉදිරිපත් කළ අවස්ථාවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කීවේ විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් සලකා බැලීම වැළැක්වීම සඳහා මෙසේ එම කාරක සබා අත්හිටුවීමට රජය උත්සාහ කරන බවය.
එහිදී සභානායක වරයා පැහැදිලිව කීවේ ආංශික අධීක්ෂණ කාරක සභා අත්හිටුවා ඇත්තේ ඒවාට සාමාජිකයන් පත් කරන තෙක් පමණක් බවය. අනතුරුව විපක්ෂයේ කෑ කෝ ගැසීම් මැද ඒම යෝජනාවට සභාවේ අනුමැතිය හිමි විය.