රට ආර්ථික අගාධයකට වැටී ඇති අවස්ථාවක කිහිප දෙනෙකුගේ සතුට වෙනුවෙන් නිදහස් දිනයට සැමරීම සඳහා ජාතික ධනය වියදම් කිරීමට එරෙහිව විරෝධතාවය පළ කරමින් අද උදේ වරුවේ දියත උයන ඉදිරියේ තරුණ කණ්ඩායමක් විරෝධතාවයක නිරත වූහ.
ඊයේ එල්ෆින්ස්ටන් රඟහල අසල සත්යග්රහයට පොලිස් ප්රහාර එල්ල කිරීමට විරෝධය පලකිරීම මෙන්ම ජීවත් විමට නිදහසක් නැති රටක සමරන්නේ කුමණ නිදහසක් දැයි ප්රශ්න කරමින් මේම තරුණ පිරිස විරෝධතාවය දියත් කළහ.

ඔවුන් කීවේ මේ අවස්ථාවට යොදවා ඇති පොලිසියේ නිලධාරීන් මහත්වරුන්ට අද උදෑසන නිසි ආහාර වේලක්වත් නොදී රාජකාරියේ යොදවා ඇති බවත් තරු පිටිවලට ගිජු ඉහළ නිලධාරීන් අතලොස්සකගේ සහ දේශපාලකයින් ස්වල්ප දෙනෙකුගේ අභිලාෂයන් ඉටු කිරීමට ඔවුන් ද අසරණ කර ඇති බවය.
මේ අරගලයට එක්වන ලෙස සමස්ථයට ආරාධනා කරන බවත් මිනිසුන් ලෙස එක් වී ගෞරවණීය ලෙස ලබන වසරේ නිදහස සැමරීම සඳහා තීන්දුවක් ගන්නට ඇරයුම් කරන බවත් ඔවුහු ප්රකාශ කළහ.








