බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

75වන නිදහස් දිනය සමරන්න… ගෝල්ෆේස් එකට නිරුවතින් එන්න…

by editor
ජනවාරි 31, 2023
in පුවත්, සමාජ
Share on FacebookShare on Twitter

ජානක ලියනආරච්චි –

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කළේය.

රාජ්‍ය තන්ත්‍රයේ ජඩ අවශ්‍යතාවය මත පොලිසිය නීතිය අවලමේ යවන ආකාරය ගැන වූ බිහිසුණු අඳුරු ඇත්ත එම තීන්දුව තුළ ගැබ් වී තිබිණි.

මානුෂික සාරධර්ම කළෙසමින් ජනාධිපතිවරයෙකුට නුසුදුසු වෛරී මහල්ලෙකුගේ අපරිනත හැසිරීම රනිල් වික්‍රමසිංහ විසින් ප්‍රකට කළ ආකරයත් මේ තීන්දුවෙන් හෙළි විය. ඔහුගේ මුග්ධ පීඩක අවශ්‍යතාවය තෘප්ත කිරීමට මෝටිවේෂන් අපච්චි නැමැති තඩි දාර තකතිරුවෙකුගේ සහ බොහෝ අවස්ථාවල රටට විහිළු සපයන බස් මුදලාලි කෙනෙක් වූ ගැමුණු විජේරත්නගේ ප්‍රකාශ දෙකක් මුල් කරගෙන, අනතුරුව පොලිස් නිලධාරීන් යොදවා බොරු සාක්ෂි හදමින් පොලිස් නිලඇඳුමේ ගෞරවයත් අවලමේ යැවූ පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අධිකරණයට   කළ පට්ට බොරුව අධිකරණය ඉදිරියේම නිරුවත් වූයේය.

ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේ, වසන්ත මුදලිගේ සම්බන්ධයෙන් ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිතයට ලක්කර ඇති ආකාරය නිරීක්ෂණයවන බවය. සැකකරු දිගින් දිගටම රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ අරමුණින් පසුව නිර්මාණය කරන ලද  සාක්ෂි පොලිිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇති බව මහේස්ත්‍රාත්වරයා කීවේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

මහේස්ත්‍රාත්වරයා සිය නියෝගයේ ප්‍රකාශ කරමින් මෙසේ සඳහන් කළේය.

“ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අත්තනෝමතික ලෙස භාවිත කළ අවස්ථා අතීතය පිරික්සීමේදී පෙනී යනවා. ඇතැම් අවස්ථාවල පුද්ගලයින් දීර්ඝ කාලයක් රිමාන්ඩ් ගත කිරීමේ චේතනාවෙන් පොලීසිය එම පනත භාවිත කළ අවස්ථා නිරීක්ෂණය කළ හැකියි. මෙම සැකකරුට එරෙහිව මෝටිවේෂන් අප්පච්චි සහ ගැමුණු විජේරත්න යන පුද්ගලයින් දෙදෙනාගේ සාක්ෂි ප්‍රධාන වශයෙන් පැමිණිල්ල විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.”

“මෝටිවේෂන් අප්පච්චි නමැති සාක්ෂිකරු ලබාදී ඇති ප්‍රකාශය තුළින් අරගලය මුලදී සාමකාමී ආකාරයෙන් පැවතුණත් සැකකරු ඇතුළු අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලය ඊට එක්වීමත් සමගම එය ප්‍රචණ්ඩ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. නමුත් වසන්ත මුදලිගේ නමැති සැකකරු ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකළ බවක් හෝ ප්‍රචණ්ඩ ක්‍රියා මෙහෙය වූ බවක් හෝ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකිරීම සඳහා උපදෙස් දුන් බවක් මෝටිවේෂන් අප්පච්චි නමැති සාක්ෂිකරුගේ සාක්ෂිවලින් අනාවරණය වන්නේ නැහැ.”

“ඒ වගේම ගැමුණු විජේරත්න නමැති සාක්ෂිකරුගේ සාක්ෂිවලින් සැකකරු විදේශීය ත්‍රස්තවාදී සංවිධාන සමග මුදල් හුවමාරු කරගත් බව සඳහන් කර තිබෙනවා. එහෙත් පොලීසිය මෙම සැකකරු මාස ගණනාවක් රඳවාගෙන විමර්ශනය කළ ද එම විමර්ශනවලින් සැකකරු විදේශීය ත්‍රස්තවාදී සංවිධාන සමග සම්බන්ධකම් පවත්වමින් මූදල් ලබා ගත් බවත් අනාවරණය වී නැහැ. ඒ අනුව මෙම සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ පදනමක් නොමැති හුදු ප්‍රකාශ පමණක් බව පෙනී යනවා”

“සැකකාර වසන්ත මුදලිගේ අධ්‍යාපන අමාත්‍යංශය අසල පැවති විරෝධතාවයක දී පොලිස් නිලධාරියෙකු ඇදගෙන ගොස් පහර දුන් බවට සාක්ෂි සම්පිණ්ඩනය තුළ සාක්ෂියක් ඉදිරිපත් වී තිබෙනවා. සිද්ධියට සම්බන්ධ එම පොලිස් සැරයන්වරයා ත්‍රස්ත මර්දන කාර්යාංශයට ලබාදුන් ප්‍රකාශයේ ඒ බව සඳහන් කළා. එහෙත් එම පොලිස් සැරයන්වරයාම තලංගම පොලීසියට ලබා දුන් සිය මුල් ප්‍රකාශයේ සැකකරු විසින් කළැයි කියන එවැනි පහරදීමක් ගැන සඳහන් කර නැහැ.”

“එම පහරදීම සිදුවුණ අවස්ථාවේදී එම ස්ථානයේ විශාල පොලිස් නිලධාරීන් සංඛ්‍යාවක් සිට ඇති බව සාක්ෂිවල සඳහන් වෙනවා. එවැනි පහරදීමක් සිදු වුණා නම් අනෙක් නිලධාරීන්ද එය දැක තිබිය යුතුයි. එහෙත් වෙනත් කිසිදු පොලිස් නිලධාරියෙකු එවැනි පහරදීමක් සිදුවූ බව සඳහන් කර නැහැ.”

මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ එම සාක්ෂිය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිතයට ලක්කරමින් සැකකරු දිගින් දිගටම රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ අරමුණින් පසුව නිර්මාණය කරන ලද සාක්ෂියක් වශයෙන් පෙනී යන බවය.
එමෙන්ම මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේ, සැකකාර වසන්ත මුදලිගේ රාජ්‍ය දේපළවලට පහර දී අලාභහානි සිදුකිරීම, මංමාවත්වලට හානි කිරීම හෝ අනර්ථයක් සිදුකළ බවට සාක්ෂි කිසිවක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් ඉදිරිපත් කළ සාක්ෂි සම්පින්ඩනය තුළින් අනාවරණය නොවන බවය.

එමෙන්ම සැකකරු ජාතිවාදය හෝ ආගම්වාදය මතුවන ආකාරය ප්‍රකාශ සිදුකළ බවට සාක්ෂි ඉදිරිපත් වී නොමැති බවත් මහෙස්ත්‍රාත්වරයා කියා සිටියේය.

“සැකකරු කොටුව පොලිස් මූලස්ථානය අසල දී සහකාර පොලිස් අධිකාරී රොද්‍රිගු නමැති නිලධාරියාට බැනවදිමින් මරණීය තර්ජන එල්ලකර ඇති බවට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අධිකරණයට ඉදිරිපත් කළ සාක්ෂි සම්පිණ්ඩන සඳහන් කර තිබෙනවා. එහෙත් එම සහකාර පොලිස් අධිකාරීවරයා කොටුව පොලීසියට ලබා දුන් සිය මුල් ප්‍රකාශයේ එවැනි තර්ජනය කිරීමක් ගැන සඳහන් කර නැහැ.”

“එවැනි තර්ජනයක් කර තිබුණේ නම් එය ඔහුගේ මුල් පොලිස් ප්‍රකාශයේ සඳහන් කර තිබිය යුතුයි.” එසේ නොකිරීම තුළින් පෙනී යන්නේ එම සාක්ෂිය ද මෙම සැකකරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිතයට ලක් කරමින් රඳවා ගැනීම සඳහා පසුව නිර්මාණය කරන ලද්දක් යැයි මහෙස්ත්‍රාත්වරයා සිය නියෝගයේ සඳහන් කර සිටියේය.

එම සියලු කරුණු පිරික්සීමේදී සැකකරු එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 2 සහ 3 යන වගන්ති යටතේ වරදක් සිදුකිරීමට අනුශාසනා කිරීම, කුමන්ත්‍රණය කිරීම හෝ ආධාර අනුබලදීම සිදුකළ බවට කිසිදු සාක්ෂියක් අනාවරණය නොවන බව ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේය.

ඒ අනුව සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තමන්ට නීතිමය හැකියාවක් නොමැති බව සඳහන් කළ මහෙස්ත්‍රාත්වරයා‍ ඒ අනුව සැකකාර වසන්ත මුදලිගේ නිදහස් කරන බවත් අවසානයේ දී සිය නියෝගය තුළින් සඳහන් කර සිටියේය.

වසන්ත මුදලිගේ , ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ ගැනෙන වැරදි සිදුකළේ, යැයි චෝදනා කරමින් හදිසි නීතිය යටතේ අත්අඩංගුවට ගෙන දින 89 ක් රඳවා තබා ගැනීමෙන් අනතුරුව පසුගිය නොවැම්බර් 21 වැනිදා සිට මේ දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියේ ය. දැන් ඔහු රඳවා තබා ගැනීම බොරු සාක්ෂි ගොතා පදනම් රහිත ප්‍රකාශ මත සිදුකර ඇති බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සිය නියෝගය නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේය.

දැන් රාජ්‍ය නායකයාගේ මැදිහත්වීමෙන් සිදුකළ මේ අනීතික පළිගැනීමේ හානි පූර්ණය කරන්නේ කවුද?. කසේද?. වසන්තට සිදුවුන අපරාධය අපට තේරෙන්නේ නැත. හොඳටම තේරෙන්නේ නිතියක් නැති රටේ නීිතිය අතට ගත් උන් පුද්ගලයින් වශයෙන් අපට තනි තනිව  කෙළවන විටය.

බංකොලොත් වී තිබෙද්දී අන්තිම රුපියල් ටිකෙන් මුං ගෝල්ෆේස් පිට්ටනියේ නිදහස සමරන්නට හදන්නේ මෙහෙව් රටකය. ඉතින් ඒ රටේ  නිදහස සමරන්න….  ගෝල්ෆේස් එකට පෝළිමට හෙළුවෙන් එන්න…

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

බංග්ලාදේශය අපට ඉස්සර වෙයි ! අයි.එම්.එෆ් එකෙන් ඉල්ලූ බිලියන 4.7ට අනුමැතිය ලැබෙයි !

Next Post

මේක සමාව දීම පිළිබඳ ප්‍රශ්නයක් නොවෙයි… ඔහු සමාව දුන්නෙ ඔහු සමාව ඉල්ලන්නත් කලින් – සිරිල් ගාමිණී පියතුමා

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.