ශාකුන්තලය වේදිකා නාට්‍යයේ රංග වස්ත්‍ර සහ රංගාභරණ සහිත ඇඳුම් බෑගය යම් කිසි පුද්ගලයෙක් විසින් ඊයේ (15) පස්වරුවේ සොරකම් කිරීමත් සමග එම නාට්‍යය යළි වේදිකාගත වන දිනය දින නියමක් නැතිව කල් දමා තිබේ.
ඒ අනුව බොරැල්ල නාමෙල් – මාලනී පුංචි තියටර් හි අද (16) සවස වේදිකාගත කිරීමට නියමිතව තිබූ දර්ශනවාරය ඇතුළු ඉදිරි සෑම දර්ශනවාරයක් රඟ දැක්වීම නැවත දැනුම් දෙන තුරු සිදුකළ නොහැකි බව ද නිශ්පාදක මණ්ඩලය ප්‍රේක්ෂකයින්ට කණගාටුවෙන් යුතුව දන්වා සිටිති.
ඊයේ සවස මෙම රඟහලේම ඊඩිපස් නාට්‍යය රඟදක්වන අතර තුර යම් කිසි පුද්ගලයෙක් ශාකුන්තලය වේදිකා නාට්‍යයේ ශිල්පීන්ගේ රංග වස්ත්‍රාභරණ සහිත බෑගය රැගෙන යන අයුරු සීසීටීවී දර්ශනවල සටහන්ව ඇත.
මෙම බෑගය රැගත් පුද්ගලයා බොරැල්ල ෆෙයාෆීල්ඩ් උද්‍යාන පාර දිගේ ගොස් සහස්පුර මහල් නිවාස සංකිර්ණය දෙසට ඇතුළුවන ආකාරය එම දර්ශනවල සටහන් වී ඇත.
බොරැල්ල පොලිිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.







