ජූනි මස 20 වැනිදාට කල් දැමුණු 20202 මහ මැතිවරණය එදිනටද පැවත්වීමට නොහැකි බව මැතිවරණ කොමිසම අද (20) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
ජූනි මස 20 වැනිදා මහ මැතිවරණය පැවැත්විට ගෙන තිබූ තීරණය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කරන ලද පෙත්සම් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග වන අවස්ථාවේදී මැතිවරණ කොමිසම වෙනුවෙන් ඉදිරිපත් වූ නිතිඥ සාලිය පීරිස් මහතා මේ බව අධිකරණයට දැනුම් දුන්නේය.
නාම යෝජනා භාර ගැනීමෙන් පසුව කොවිඩ් 19 වසංගත තතත්වය උද්ගත වීම හේතුවෙන් අප්‍රියෙල් මස 25 වැනිදා පැවැත්වීමට නියමිතව තිබබූ මහ මැතිවරණය ජූනි මස 20 වැනිදා දක්වා කල් තැබීමට මැතිවරණ කොමිසමට සිදුව බව සාලිය පීරිස් මහතා ප්‍රකාශ කළේය.
වර්තමානයේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක වන බවත් මැතිවරණයක් පැවැත්වීමේදී ඊට සම්බන්ධ නිලධාරීන් සාමාන්‍යෙයන් දිනකට පැය 16ත් 18ත් අඛණ්ඩව රාජකාරී කිරීමට සිදුවන නමුත් වර්තමානයේදී රට තුළ උද්ගතව පවතින තත්ත්වය හමුවේ ඔවුන්ට රාජකාරී කිරීමට හැක්කේ උපරිම පැය 12ක් පමණ කාලයක් බවද සාලිය පීරිස් මහතා මැතිවරණ කොමිසම වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පෙන්වා දුන්නේය.
සෞඛ්‍ය අංශවලින් නිසි උපදෙස් ලැබෙන තුරු මැතිවරණයක් පැවැත්වීමට නොහැකි බවත් එසේ සෞඛ්‍ය උපදෙස් ලැබී සති 9ත් 11ත් අතර කාලයක් තුළ මහමැතිවරණය පැවැත්විය හැකි බව මැතිවරණ කොමිසමේ අදහස වන බව ද සාලිය පිරිස් අධිකරණය හමුවේ දැනුම් දුන්නේය.ඉන් පසු මෙම පෙත්සම ගොනුකළ නීතිඥ චරිත ගුණරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි එම් සුමන්තිරන් මහතා අධිකරණය හමුවේ කියා සිටියේ තම සේවා දායකයා ඉල්ලන සහනය ලැබී ඇති බැවින් පෙත්සම තවදුරටත් ඉදිරියට ගෙන නොයන බවය.
මෙම කරුණු පිලිගත් අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේස්ඨාධිකරණ විනිසුරු මඩුල්ල චරිත ගුණරත්න මහතා ඉදිරිපත්කළ පෙත්සම ඉල්ලා අස් කර ගැනීමට අවසර ලබා දුන් අතර සෙසු පෙත්සම් තීරණය කිරීමෙන් අනතුරුව යලිත් එම පෙත්සම් විභාගය සඳහා හෙට (21) පෙරවරු 10ට යළි විභාග කිරීමට තීරණය කළහ.