දළදා වහන්සේට අපහාස කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙක් වූ සේපාල් අමරසිංහ යළි ජනවාරි 17 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළේය.
සේපාල් අමරසිංහ අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ මෙම නියෝගය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් විසින් ලබා දුන්නේය.
එමෙන්ම ඔහු විසින් ඉදිරිපත් කරන ලද ඇප ඉල්ලීම සම්බන්ධයෙන් වන නියෝගය ද එදිනට ප්‍රකාශ කරන බව මහෙස්ත්‍රාත්වරයා විසින් ප්‍රකාශ කළේය.
පසුගිය 06 වැනිදා ඔහු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබූ අවස්ථාවේ දී සැකකරු සිවිල් හා දේශපාලනය පිළිබඳ සම්මුති පනත යටතේ එළඹෙන 19 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එහෙත් අතිරේක මහේස්ත්‍රාත්වරිය විසින් ඔහුව අද (10) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළාය.