බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වට්ස්ඇප් – එෆ්බී වලින් ලිංගික බලහත්කාරකම් කරන යාපනය සරසවියේ නවක වද මෝල්ලු

by editor
සැප්තැම්බර් 16, 2020
in පුවත්
Share on FacebookShare on Twitter
  • පිරිමි සිසුන්ට වීඩියෝ ඇමතුම් මගින් සජිවී ලිංගික ක්‍රියාකාරකම් කරන්න බල කරලා

  • සිසුවියනගේ නිරුවත් ඡායාරූප ගෙන්වාගෙන

  • සිසු සිසුවියන් වැඩි දෙනෙක් අන්ත අසරණ වෙලා

යාපනය විශ්ව විද්‍යාලයයේ ඇතැම් පීඨවල සිංහල සිසුන් අතර නවක වදය නව මුහුණුවරකින් අමානුෂික ලෙස ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

විශ්ව විද්‍යාල තුළ  පවතින නීති රීතිවලින් රිංගමින් ඔවුන් ජංගම දුරකථන සහ ඊට අදාළ සමාජ මාධ්‍ය යෙදවුම් භාවිත කරමින් මෙම අමානුෂික නවක වදයන්ට නවක සිසුන් ගොදුරු කරමින් සිටින බවත් මේ තත්ත්වය නිසා එමම දරුවන්ට කායික මානසික මෙන්ම ආර්ථික පීඩාවක්ද සිදුවන තත්ත්වයක් නිර්මාණය වී ඇත.

මෙම නවක වද සිදුවීම් උග්‍ර ලෙස පවතින පීඨයක් වන්නේ යාපනය සරසවියේ කළමනාකරණ පීඨයයි. මෙම පීඨයේ පළමු වසර සඳහා සිසුන් 170කට ආසන්න ප්‍රමාණයක් ලියාපදිංචි වී සිටින අතර මේ වනවිට එම සිසුන් සියලු දෙනාම මෙම නවක වදයේ නවතම මුහුණුවරෙහි ගොදුරු බවට පත්වෙමින් සිටිති. ඔවුන්ට මෙවර නවක වදය ජංගම දුරකථන මඟින් සහ වට්ස් ඇප් ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය භාවිතාවන් යොදාගනිමින් අමුතුම ආකාරයට සිදුවේ.

පිරිමි සිසුන්ට වීඩියෝ ඇමතුම් හරහා විවිධ ලිංගික හැසිරීම් සිදු කරන ලෙස ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් බලකරනු ලැබ ඇති අතර වාර්තා වන ආකාරයට එම පීඨයේ කාන්තා සිසුවිනයන්ටද ඇතැම් පිරිමි ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයින් ඔවුන්ගේ නිරුවත් පින්තූර එවන ලෙසට බල කර ඇති බව වාර්තා වේ.

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කරන ව්‍යවස්ථා සංශෝධනයට නීතිඥ සංගමයෙන් දැඩි විරෝධයක්: ජනාධිපතිවරයා වෙත ලිපියක්!

මෙම සිදුවීම් උග්‍ර ලෙස සිදුව ඇත්තේ පසුගිය 12 වැනිදා සහ 13 වනිදාය. මේ වනවිට එම සරසවියේ නවක සිසුන් රැස් කොට රැස්වීම් පැවැත්වීම විශ්ව විද්‍යාල පරිශ්‍රය තුළ තහනම් කොට ඇති නිසා ජ්‍යෙෂ්ඨ සිසුන් බෝධි පූජා ආශිර්වාද පිංකමක් පවත්වන බව පවසා පසුගිය 11 වැනිදා නවක සිසුන් යාපනය නාග විහාරයට කැඳවා ඇත. එහිදී ආශිර්වාද බෝධි පූජාවක්ද පවත්වා විහාරස්ථානයේ ශාලාවකට සිසුන් කැඳවා විශ්ව විද්‍යාලයය තුළ හැසිරිය යුතු ආකාරය පිළිබඳව දේශන ලබා දී ඇති අතර සෑම සිසුවකුගේම ජගංම දුරකථන අංක ඇතුළු තොරතුරු ලබා ගෙන ඇත.

එ‍සේම ජ්‍යෙෂ්ඨයන්ගේ නියෝගයක් වී ඇත්තේ පීඨයේ සෑම වසකරම සිටින ජ්‍යෙෂ්ඨ සිසුන්ගේ අංක සොයාගෙන ඔවුන්ට එක් එක් ශිෂ්‍යයාට සහ ශිෂ්‍යාවට පෞද්ගලික ව දුරකථන ඇමතුම් ලබා දිය යුතු බවකි. මෙම දුරකථන ඇමතුම් බොහෝ විට පැයක් පමණ දීර්ඝ වන අතර මේ වනවිට නවක සිසුන් මුහුණ දෙන විශාලතම ප්‍රශ්නයක් වන්නේ ඔවුන්ගේ ජංගම දුරකථන බිල්පත් ගෙවා ගැනීමය.

ඇතැම් සිසුන්ට මේ නිසා දිනකට රුපියල් 600ක් 700ක් පමණ වියදම් කිරීමට සිදුව ඇති බවත් තමන් නිවසෙන් රැගෙන ආ සියලුම මුදල් ඇතැම් සිසුන්ට මෙම ජංගම දුරකථන ඇමතුම් වෙනුවෙන් වියදම් කිරීමටද  සිදුව ඇත. රටේ විවධ ප්‍රදේශවල සිට ආර්ථික දුෂ්කරතා මැද පැමිණෙන මෙම සිසුන් මේ වනවිට දැඩි මානසික පීඩනයකටද කල් වෙමින් සිටින අතර ඔවුන්ට ඉදිරියේදී තවදුරටත් ශාරීරිත නවක වදයන්ට ගොදුරු වයි හැකි බවට ජ්‍යෙෂ්ඨ සිසුන් විසන් අනතුරු අඟවනු ලැබ ඇත.

කෙසේ වුවද මෙම නවක වද තත්ත්වය සම්පූර්ණයෙන්ම බලපාන්නේ සිංහල සිසුන්ට පමණක් බවත් ද්‍රවිඩ සිසුන් සහ ඔවුන්ගේ ශිෂ්‍ය සංගම් තම නවක ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මෙවැනි අමානුෂික ආකාරයෙන් නොසලකන බවත් ඔවුන් තම සිසුන්ට මෙන්ම සිංහල සිසුන් සමඟද ඉතා සුහදත්වයෙන් කටයුතු කරන බව වාර්තා වේ.

දෙමළ සිසුන් එසේ කටයුතු කරන අතරේ  සිංහල සිසුන් මෙම අවිනිත වනචාරීන් ලෙස කටයුතු කිරීම හෙළා දැකිය යුතු තත්ත්වයක් වන අර වහා ඔවුන්ට එරෙහිවව විනය පියවර ගත යුතුව තිබේ.

Tags: විශේෂ
Share69Tweet43
Previous Post

අතුරුදන් වූ දොලොස් වියැති සිසුවිය මහනුවර නගරයේදී සොයා ගනී

Next Post

අඩි 07ක කිඹුලෙක් මැරූ සිවිල් ආරක්ෂයින් 07ක් අත් අඩංගුවට

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.