මූල්‍ය අර්බුදයක ගිලී සිටින හ්රි ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය සහනය ලබා ගැනීමට අත්‍යවශ්‍ය වන ශ්‍රි ලංකාව චීනයට පවතින ණය සම්බන්ධයෙන් ගන්නා ප්‍රතිකාරය ඉක්මනින් අපේක්ෂා කරන බව පසුගියදා දීනයේ සංචාරයක නිරත වූ ජාත්‍යන්කර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජොර්ජියේවා චීන අග්‍රාමාත්‍ය ලී කේකුයාන්ග් වෙත ප්‍රතාශ කර තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් කළමනාකාර අධ්‍යක්ෂවරියගේ චීන සංචාරය පිළිබදව අරමුදල ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මෙම ණය ප්‍රතිකාර කටයුතු කඩිනම් වුවහොත් ශ්‍රි ලංකාවට මෙන්ම සැම්බියාවටද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහ වෙනත් බහුපාර්ශ්වික සංවර්ධන බැංකුවලින් ණය ලබා ගැනීම කඩිනම් වනු අති බවයි.
චීනයේ අග්‍රාමාත්‍ය ලී කිකුයැන්ග් සමඟ පැවති ඵලදායි හමුවෙන් අනතුරුව සහ චීනයේ හත්වන “1+6” වටමේසයෙන් අනතුරුව ප්‍රකාශයක් නිකුත් කරමින් IMF කළමනාකාර අධ්යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා පැවසුවේ ණය අර්බුද අවම කිරීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් කරුණු කිහිපයක් සාකච්ඡා කළ බවයි.
මේ වනවිට ඩොලර් බිලියන 7.3 ක් සමඟ චීනය ශ්‍රී ලංකාවේ විශාලතම ද්විපාර්ශ්වික ණය හිමියා වන අතර ශ්‍රි ලංකාවට පවතින ඩොලර් බිලියන 14ක ද්වී පාර්ශ්වික ණය අතරින් සියයට 52ක ප්‍රතිශතයක් චීනයට අයත්ය.
“ගෝලීය මූල්‍ය තත්ත්වයන් දැඩි කරන මේ කාලයේ එන නව සිද්ධීන් ද අපි දකිමු. ඒ අනුව එක් එක් ණය පීඩාව වළක්වා ගත හැකි ආකාරය ගැන අපි කතා කළෙමු. G20 රාමුවේ යෙදුම බොහෝ වේගවත් හා වඩා පුරෝකථනය කළ හැකි විය යුතු අතර, එය පුළුල් රටවල් සමූහයකට ළඟා විය යුතුය. චීනයට ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කළ හැකි ණය ගැටලු සම්බන්ධයෙන් වඩාත් ක්‍රමානුකූලව සම්බන්ධ වීමට වේදිකාවක් සඳහා අවකාශයක් ද අපි දකිමු.“ යනුවෙන් මූල්‍ය අරමුදල් ප්‍රකාශයේ තවදුරටත් සඳහන් වේ.









